Wednesday, December 3, 2014
KFC කෑම
මුලින්ම නුවරට KFC එකක් අවෙ අපි උසස්පෙළ පන්තියේ ඉද්දි. ඒක තිබුණ තැන නිසාත් අලුත් දෙයක් වෙච්ච නිසාත් බොහොම ඉක්මණට අපි අතර ජනප්රිය වුණා.
ඉතින් දවසක් සර් මේ ගැන පන්තියේදි කතා කලා.
සර් - ඔයාල දන්නවද අර අලුත් චිකන් කඩේ?
අපි - මොකක්?
සර් - අැයි ළමයො අර ෆුඩ් සිටි එක ගාව අලුතින් දැම්මෙ KFC කියල.
අපි - ආාාාාංංං ඒකද?
සර් - ඔයාල යනවද එතනට? අප්පේ එතනට එන ළමයි.. ඔක්කොම ඇවිල්ල කට්ටිය එකතු වෙලා නානාප්රකාර දේවල් කනවා.. බිල කීයද 3000 යි 4000 යි.. අපි එහෙම කෑවනම් කාපු ටික පිච්චෙනව බිල දැක්කම. ඒ මදිවට ඒක ගෙවන්නත් කට්ටිය පොරකනවා..
අපි - සර් කොහොමද ඕව දන්නෙ?
සර් - මමත් යනවනේ ඔතනට?
අපි - ඉතින් සර් මොනවද කන්නෙ?
සර් - මං ඔය රැ. 10 අයිස් ක්රීම් එකක් අරන් පැත්තකට වෙලා ඉන්දගෙන ඒක කනවා.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment