Tuesday, December 2, 2014

කෝලි & දෝනි

ඉන්දියාව ක්‍රිකට් මැච් එකක් පරාද උනාම මොකො වෙන්නෙ කියල කවුරුත් දන්නවනෙ. ඉතින් පහුගිය දවස්වල තිබ්බ සීරීස් එකක් මෙගොල්ලො පැරදිල දැන් ගෙදර එන්න බයේ ඉන්නවලු. ගුටි කන්න වෙයි කියල. මේ අතරෙ ටීම් එකෙ ඉන්න කෝලිය කල්පනා කලා ඉන්දියාවට ගිහින් ගුටි නොක ඉන්න විදිහක් ගැන. කෝලි හිතුව ගෑණියෙක් විදිහට වෙස් මාරු කරගෙන ගියොත් ෂේප් වෙන්න පුලුවන් වෙයි කියල. ඉතින් මෙයා ඔන්න ගෑනියෙක් විදිහට වෙස් මාරු කරගෙන ඉන්දියාවට ආවා. එයාර්පොර්ට් එකේ හිටපු කවුරුවත් මෙයාව අදුර ගත්තෙ නෑ. ඉතින් කෝලිට හරි සතුටුයි. "හූ......හූ... මම බේරුනා. අනිත් එවුන්ට හොද වැඩේ වෙන්නෙ.." කියල එයා තනියෙම හිතුවා. ඒත් ටිකක් දුර එද්දි එයා දැක්ක එක ගෑනු කෙනෙක් එය දිහා හොදට බලාගෙන ඉන්නවා කියල. කෝලිට හිතුන " යකො මාව අදුරගත්තවත්ද? වෙන්න බෑ.. නිකන් බලනව වෙන්න ඇති" කියල. ඒත් ඒ ගෑනි කෝලි දිහාවම බලගෙන ඉන්නවා. ඒ මදිවට මෙන්න බොලේ දැන් පස්සෙන් එනවා. "මළ කෙලියයි." කෝලි මොකුත් නොදන්න ගානට යන්න ගත්තා. "මේ ... මේ.... පොඩ්ඩක් ඉන්න." මෙන්න අර ගෑනි කතා කරනවා. කොලිටත් කරගන්න දෙයක් නෑ. වෙන දෙයක් වෙද්දෙන් කියල නැවතුනා.... "මේ .. මේ... ඔයා කෝලි නේද???....." අර ගෑනි අහපි.... මල මගුලයි... යකො මෙකි කොහොමද ඒක දන්නෙ......කෝලිට ෆුල් අප්සෙට්..... ඒත් එයා මොකුත් නොදන්න ගානට... "නෑ... නෑ..... මම කෝලි නෙමේ.මම ගෑනු කෙනෙක්නෙ." කියල කිව්වලු.. "නෑ... නෑ..... ඔයා කොලිම තමයි. ඔයා වෙස් මාරු කරගෙන ඉන්නෙ. මට අදුර ගන්න පුලුවන් " කියලා ඒ ගෑනි කිව්වා. "නෑ... නෑ.. මම කෝලි නෙමේ." කෝලි කියනව. " ඔයා කෝලිම තමයි." අර ගෑනි කියනව.. ඉතින් බැරිම තැන කෝලි අර ගෑනිගෙ කනට කරල හෙමින් සැරේ ඇහුවලු.. " නංගි... මම කෝලි තමයි... ඒත් ඔය කොහොමද අදුර ගත්තෙ?? " කියල.. එතකොට ඒ ගෑනි ගෑනු කට හඩින්ම කියාපි... "ඇයි මචන්. මම දෝනිනේ.....

No comments:

Post a Comment