Tuesday, December 2, 2014

ටොමි දුවපිය

මේක මේ අපේ පොරකට් උණු දෙයක් . මුගේ ලව් ස්ටෝරියටත් දැන් ටිකක් කල් රස්සාවකුත් තියෙන කුල මල හැඩ රුව වලිනුත් වැඩි අව්ලක් නැති නිසා දැන් කෙල්ලට ඕනේ ඉක්මනට කසාදෙ කොරගන්න . හැමදාම වැඩේ අම්මල තාත්තල එක්ක කතා කරන්න යමු කියල . මුත් ඉතින් කෙල්ලට ඉරිදා දවසක් දීල කෙල්ලගේ ගෙදර යන්න සෙට් උනා .කරුමේ කියන්නේ ඉරිදා උදේ මුට පට්ට බඩේ අමාරුවක් . එත් ඉතින් නොගිහිනුත් බැ .බඩ අත ගගා මුත් ගියා කෙල්ලගෙ ගෙදර . අම්මල තාත්තල නොදැන උන්නට මු ඔය වැටවල් ගානේ වාත වෙලා ගෙදර බල්ල එක්ක බුදු ශේප් .බල්ලත් මු දැක්ක ගමන් උඩ පැනල නැට්ට වනල ලෙවකාල පුල් භක්තිය .අම්මල තාත්තල මුව පිලි අරගෙන වාඩි වෙන්නත් කිව්වා මුගේ පුටුව යටට බලලත් සුටුස් ගාල රිංගුවා .දැන් මු තත්තත් එක්ක කතාව මුට ඉන්න බැ හෙන වාතයක් එනවා කලින් අත්දැකීමේ හැටියට ගඳ ගැන නො කතා .කරන්න දෙයක් නැ මු වාතෙන් ටිකක් ඇරලා දැම්ම .කතාව අස්සේ තාත්තත් බල්ල දිහා බලල" ටොමි පලයන් " කිව්වා මුට මාර හැපී වැඩේට බල්ල මාට්ටු උනාට . කොමාන්ඩ් එක වැඩිය සැරනැති නිසා බලලත් වැඩිය ගනන් ගත්තේ නැ .කතාව අස්සේ මු තව ටිකක් ඇරිය.තත්තා එපාර තවටිකක් සැරෙන් " ටොමි පලයන් " කිව්වා බලලත් ටිකක් ගැස්සිලා පුටුවෙන් භාගයක් විතර ඇදුන. දැන් මුට මාර බයය් බලල ගියොත් වැඩේ මාට්ටු වෙන නිසා .මු කලබලේට ඉතුරු ටිකත් ඉවර කරලා දැම්ම .හප්පා ගඳ ! තත්තට මල පැනල අඩි පොලවේ ගහල බෙරිහන් දුන්න " ටොමි දුවපිය පර බල්ලා ගු නාගන්නේ නැතුව "

No comments:

Post a Comment