Tuesday, December 2, 2014
පොඩි එවුන් අහන ප්‍රශ්න
ඔය සමහර පොඩි එවුන් අහන ප්‍රශ්න තියෙනවා නෙද,, වෙලාවකට හිතෙනව පොඩි එකාට හොම්බට දෙකක් අනින්න. මුන් පොදු ඉස්තාන වලදි අපි වගේ තරුණ කඩවසම් කොල්ලන්ව මාර අපහසුතා වලට පත් කරන්නේ.
මං කියන්න හදන පලවෙනි කතාව අහපු එකක්. කියපු එකා නම් කීවුවෙ ඇත්තම සීන් එකක් කියලා. ඕන්න බස් එකේ යනවලු අවුරුදු 4ක විතර පොඩ්ඩෙක් අම්මත් එක්ක. බස් එක නතර කරලා තියෙනවා පන්සලක් ගාව. පන්සලේ ඉන්නවලු අලියෙක්. අම්මා පොඩ්ඩට අලියා පෙන්නුවලු.
අවාසනාවට වගේ ඒ කාලෙ අලියා මද කිපෙන කාලෙලු. අලියගෙ අසුවල් අවයවය දිගට දිගේ තියෙනවලු එලියට ඇවිල්ලා (දැකල තියෙන අය දන්නව ඇති ඒක අඩි 3ක් විතර දිගයි, මිනිහෙකුගෙ කකුලක් විතර මහතයි). කිසිදු පමාවකින් තොරව පොඩි එකා ඇහුවලු "අම්මෙ අර මොකද්ද අලියගෙ කකුල් දෙක මැදින් එල්ලෙන්නේ" කියල!
ඒ අම්මා ඔබ උනා නම් ඔබ දෙන උත්තරේ මොකද්ද? "ඒ අලියගෙ නැට්ට", "මං දන්නෙ නෑ පුතේ", "...(කිසිත් නොකියා සිටීම)" තමයි ගොඩක් අය දෙන උත්තර. කොහොම උනත් ඒ අම්මා දීපු උත්තර පේලිය ලියා තියන්නම වටිනවා.
අම්මා කිවුවාලු "ඒ අලියා චූ කරන එක නේ පුතේ" කියලා. පොඩි එකා ආපහු ඇහුවලු "ඇයි අම්මේ ඒක එච්චර ලොකු" කියලා. අම්මා කිවුවලු "අලියත් ලොකුයිනේ පුතේ, අලියගෙ තරමට තමයි ඒක තියෙන්නේ" කියලා.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment