Tuesday, December 2, 2014
මැරයා
ඒක පාරටම ගැස්සිලා වගේ ඇහැරුනා ෆෝන් කබල අතට අරගෙන වෙලාව බැලුවම ඇති උන සතුට නම් කියලා නිම කරන්න බැ තාම උදේ 6.30යි. තව පැය ඒක හමාරක්ම තියෙනවා.හම්මේ ඉතිං අයෙමත් නිවිසැනසිල්ලේ ඇස්දෙක පියා ගත්තා.එහෙමම පැයක් විතර ඉන්න ඇති මයේහිතේ.
"ඇඩෝ....වරෙන් එලියට අද මේක දෙකෙන් එකක් ඉවර කරගන්න ඕන"
ඒපාර නම් උඩ ගිහින්ම ඇහැරුනා.එහා ගෙදරට ලගදි ආපු සුට් බුට් කාරයා නේද මේ වල්ගේ පාගගෙන කැගහන්නේ.මොන රෙද්ද උනත් ඉරිදා දවසක කොහොමද යකෝ අටට කලින් නැගිටින්නේ.ඒක ශරීරේට එච්චර හොද නැ අප්පා.
"ඇඩෝ"
මු අයෙත් බෙරිහන් දෙනවා. මාමා සරම් කොටෙත් ඇදගෙන ඒකේ කොනකුත් රැජිනිකාන්ත් වගේ උස්සගෙන ගියා තාප්පේ ලගට
"මොකද ඔයි උදේ පාන්දර කැගහන්නේ?"
'කැගහන්න නෙමෙයි කලින්ම මේක ඉවරයක් කරන්න මම හැදුවේ . ගහපු ගඩොල් බාගේ හරියට වැදුනේ නැ, ඒකයි මේ කතා කරේ'
"හරි හරි මොකක්ද සීන් ඒක"
'තමුසෙලාගේ බල්ලා පරිස්සම් කර ගන්නවා හරිද. මම අයෙත් කියන්නේ නැ.උදේ පාන්දරම අපේ මිදුල මැද්දෙම හෙන සයිස් ලෝඩ් එකක් බාලා යනවා. ඒ මදිවට අපේ පින්කිට ක්‍රොස් වෙන්න හෙන ගේමක් දෙනවා. තමුසෙලා එකක් මතක තියාගන්නවා අපේ පින්කි අපි හොද තැනකින් එක්කෙනෙක් හොයලා තියෙන්නේ අපි ලගදීම ක්‍රොස් කරනවා'
"මේ මහත්තයෝ අපේ බල්ලට විතරක් ඒවා මේවා සීන් දාන්න එපා හරිද. උ නියම මනුස්ස තාලෙට හදුන එල කිරි බල්ලෙක්"
'අම්මේ ඔව් ඒක නිසා වෙන්න ඇති මේ මිදුල මැද්දේ හෙන ලෝඩ් එකක් බාලා යන්නේ.සවලෙන් තුන් පාරකට ඔයි අයින් කරන්නේ'
වැඩේ හරි වගේ ජිමියා ලස්සනට වැඩේ කරලා වගේ. මෙහෙම හිතන ගමන් නිකමට ගේට්ටුව පැත්ත බැලුවා. මේ එන්නේ මැට්ටා.ජිමි මහත්තයා බබා වගේ මාගේ ලගට ආවා.අප්පට සිරි මු අපේ බල්ලට ගඩොල් බාගෙකින් ගහලා නේද? ජිමියගේ පස්ස පැත්තේ තිබුණු ගඩොල් මාක් ඒක දැක්ක ගමන් මට මලයකා වැහුන.
"ක්‍රොස් කරන්න බැරිනම් ඕන මගුලක් කරගන්නවා. තමුසේ අපේ ජිමියට ගැහුවේ ඇයි ?"
'ගැහුවේ වත්තට එන නිසා.අපේ පින්කිට ලයින් දාන නිසා"
මම එහෙමම ජිමියා ගාවින් වාඩි වෙලා" බුරුවො මොන ලෝකෙද යකෝ කෙල්ලෙක් ලයින් කරන්න ගිහින් ඒකිගේ මිදුලේ ජරා කරලා එන්නේ. ඒකි කැමති වෙයිද බොට? අන්න උන්ගේ තාත්තා මට බනිනවා" අනේ ඉතිං කන්දෙකත් පාත් කරගෙන ඔලුව බිමට පාත් කරගත්තා. හරියට මම එහෙම කෙනෙක් නෙමෙයි කියන්න වගේ. මම අයෙත් ඔලුව අතින් උස්සලා" අයෙත් එහෙම එහෙට යන්නේ නැ හරිද, අරකිගේ, පින්කිගේ තාත්තට වඩා මම සැරයි දන්නවනේ" ඒත් මම එයාට ඇත්තටම ආදරෙයිනෙ කියනවා වගේ අයෙත් ඔලුව පාත් කරගත්තා. ඒක දැකපු ගමන්ම මම හිතා ගත්තා ජිමියගේ ආදරේට බොක්කෙන්ම උදවු කරනවා කියලා
'ඔයි තමුසේ මොනාද ඔතන හැංගිලා කරන්නේ' පින්කිගේ තාත්තා අයෙත් කැගහනවා.
"මම උට කිව්වා අයෙත් පින්කිලගේ මිදුලේ කක්කා කරන්න එපා කියල. උ හා කිව්වා"
'මල්ලි මේ ජෝක්ස් දාන්න එපා මෙතන. ඔය හොරිකඩ වල් බල්ලා අපේ වත්තට අයෙත් අවොත් උගේ අවසානේ තමයි හරිද"
ඔක්කොම හරි.... හොරිකඩ වල් බල්ලා කියපු ඒක මිදුලේ හිටපු අපේ අම්මට හොදට ඇහුනා. දැන් ඉතිං පින්කිලගේ තාත්තට ඉන්ඩ හම්බෙන්නැ. උ දන්නේ නැ අපේ ගෙදර මිනිස්සු මට වඩා ආදරේ ජිමියට කියලා. ජිමියත් ඒකටම හරියන විදියට හෙන අහිසංක විදියට අම්මා දිහා බලාගෙන ඉන්නවා.
" මේ අයියේ මමත් මෙච්චර වෙලා ඉවසීමෙන් කතා කරේ, තමුසේ අපේ බල්ලට අමුතු වචන දාන්න එපා හරිද "
'ඇයි තමුසේ මට මොනවා කරන්නද'
"මොනවා කරන්නද? ඕන දේකට අපිත් ඔට්ටුයි" කියලා මම අම්මා දිහා බැලුවා. අම්මා ඉදල එතනින් තියලා හනිකට ගියා පුරුදු ආයුදේ "කොස්ස" අරගෙන එන්න. මට මාරම ගැම්මක් අවේ හිතට.
"බලු කේස් වලට මම පැටලෙන්න එච්චර කැමති නැ.මමත් එච්චර හොද එකෙක් නෙමෙයි හරිද ඩො..අහල බලපන් වටපිට උන්ගෙන්"
'ආ......ඇත්තද අපි බය වෙයි'
මෙන්න මේ වෙලාවේ තමයි අතේ ගුලි කරගෙන හිටපු ෆෝන් කට්ටේ එලාම් ඒක වදින්න ගත්තේ. හිටපන් පුතා උබට දෙන්නම් හොද ටෝක්ස් ටිකක් කියලා හිතාගෙන. ෆොන් ඒක අරන් කනේ තියාගත්තා.
"ආ..මචං සිරා කියපන්..නැ බං මට එන්න ටිකක් පරක්කු වෙයි. උබල පලයල්ලා. පොලු ටික ටිකිරලගේ ගේ පිටිපස්සේ මඩුවේ හංගල ඇත්තේ එතනින් ගනින්. ඕක පොඩි සීන් එකක් ඩප්පි ගෙනියන්න එපා. අනික ඊයේ රැ සීන් එකට ගෙනියපු ගමන් මම ගෙදර ගෙනාව දැන් මං ගාව තියෙන්නේ.ආ......නැ නැ බං මේ ගෙවල් ගාව පොඩි සීන් එකක් පැටලිලා ඉන්නේ පොඩි කක්කා සීන් එකක්..ආ...නැ නැ උබල එන්න ඕන නැ මම බලාගන්නම් කියලා මම හෙන ආඩම්බරෙන් පින්කිලගේ තාත්තගේ මුණ දිහා බැලුව විතරයි. මාගේ පශ්චාත්භාගෙන් ආපු දැඩි වේදනාවත් එක්ක ආපු අම්මගේ කටේ සද්දෙන් තේරුණා මාගේ පුප හරහා කොහුමිටි පාරක් වැදිච්ච බව.
"පරය ,පරය තෝ ඔය කොන්ඩේ පාට කරපු එවුන් එක්ක එහෙ මෙහෙ යනකොට මම දැනගත්තා තෝ මොකක් හරි අඩවුවක් අල්ලන බව"
අම්මා මාගේ සරන් කොටෙන් ගේ දිහාවට ඇදගෙන එන ගමන් කියනවා. අරු ඇගිලි වලින් ඉස්සි ඉස්සි බලනවා මේ මොකක්ද වෙන්නේ කියලා.
"මේ.....එයි පොඩ්ඩක් එයියට අවනං. පුතණ්ඩියගේ තරම කියා දෙන්ට..අනේ මේ මේ මනුස්සය කබුරලා කබුරලා හොයන සල්ලි. තෝව උස්මහත් කරලා ඉස්කෝලෙ යැව්වේ #මැරයෙක් වෙන්නද යකෝ.....මම අහගෙන හිටියේ කෙරුවාවල් ටික. ඩප්පි... ඩප්පි හිටපිය අද ඩප්පි දෙන්නම් මම අද"
මට වචනයක්වත් කතා කරන්න නොදී අම්ම කොහුපාරවල් වනනව මදි නොකියන්නම. මට මේ වෙච්ච ඔක්කොමත් කමක් නැ කියලා ඉවසන්න පුළුවන්. ගඩොල් බාග පාර පුප පුරා කාලා මෙච්චර වෙලා බාගෙට පනගිහින් වගේ හිටපු ජිමා ඔලුව කෙලින් කරගෙන, කන්දෙක සැටලයි දෙක වගේ කරගෙන අම්මා මට නෙලන හැටි ඔලුව හරෝ හරෝ බලනවා. ඒක දැකපු මම හිතාගත්තා බෝගේ ලවු එකට මමත් අද ඉදන් දුෂ්ටයෙක් වෙනවා කියලා........ ඔව්.
--------නිමි------
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment