සමන් මහතා සමග මද වෙලාවක් අල්ලාප සල්ලාපයේ යෙදුනු අප නැවත රාත්රී 8 ට එම ස්ථානයට එන බව පවසා ඔහුගෙන් සමුගෙන සුන්දර මුහුදු වෙරල දෙසර ඇදෙන්නට විය..මුහුදු වෙරළේදී අප ඉතා ආසාවෙන් සුන්දර දසුන් විදගත්තේය..සුද්දියන් බාගෙට හෙලුවැල්ලෙන් දිය කෙලින අයුරු වෙන්න පොෂ් කෙල්ලන්ගේ හිරිකිත දසුන් සැම හිතට ගත්තේ ගෙදර ගිය පසු අතට ගැනීමට සිතාය..
"බලහන්කො වොට්සන් අර සුද්දිගේ කකුලේ තියන කොරපොතු තොගේ "
"ඒ වගේද බන් බලහන්කො අර ගල..සිගිරිය වගේනේ.."
කෙමෙන් කෙමෙන් රාත්රී කාලය උදාවුනි..නැවත අප ගල්කිස්ස දෙසට ඇදෙන්නට වුයේ අපගේ රාත්රී මෙහෙයුම ගැන සිතාය..රාත්රී ආහාරය ගැනීමට අප සයිවර් කඩයක් වෙතට ඇදුනි..පදමට දමාගත් කොත්තුවේ රසයෙන් කට නලියද්දි මාගේ බඩඩ නලියන්නට විය...
වෙලාව රාත්රී 7 පසුවී විනාඩි 50 ලෙස ඔරලෝසුවේ සටහන්ව තිබුණි..කෙමෙන් කෙමෙන් කට කන හෝරාවද ලංවී තිබුණි..8 පසුවී විනාඩි 10 වන විට අප සමන් මහත සේවය කරන ස්ථානයට ලන්ගාවුනි ..
"මොකද හෝම්ස් මහත්තය පරක්කු?"
"සීදේවි සුද්දියෝ ටික ඔයි බීච් එකේ..දැක්කම එන්න හිතෙනේ නැහැ.."
"හෝම්ස් මහත්තයට කිව්වට මොකද මාත් පුවක් කඩන්න වළල්ලක් හොයාගන්න ඔය පැත්තට ගාටනවා තාම.."
"අපිත් හිතට ගත්තා..ගෙදර ගිහින් අතට ගන්න ඕන.."
"එක නෙමෙයි සමන් මහත්මයා.ඔබ ඔය සිද්දිය වෙනකොට කොතනද ඉන්නේ?"
"අර අතන පේන පුටුවේ හෝම්ස් මහත්මයා.."
මදක් වට පිට බැලු හෝම්ස් නැවත කතාවට වැටුණි.
"එතකොට අර පෙනෙන පොඩි ලඳු කැලෑවට රෑට ලයිට් එලිය වැටෙන්නේ නෑ නේද සමන් මහත්මයා?"
"නෑ හෝම්ස් මහත්මයා..ඔතනට ලයිට් එලිය වැටෙන්නේ නැහැ.."
"හොඳයි අපි එතන හන්ගිල ඉන්නම් එහෙනම්..ඔබතුමා කිසි වෙනසක් පෙනෙන්නේ නැති විදියට ආජකාරිය කරන්න...රෑ 1 ට විතර ඔබ ටිකක් නිදාගන්න පුටුවෙම..අප ඇහැ ගහගෙන ඉන්නම්.."
රාත්රී 10 පසුවී විනාඩි කිහිපයක් ගිය තැන අප පෙර කිවූ පදුර අසල සැඟවීමු..වෙලාව තත්පර විනාඩි පැය ලෙසින් ගෙවී ගියේය..අපගේ ගොදුර පිලිබඳ කිසිදු සඳහනක් නොවිය.. එවිටම අප අසලින්ම ගෙම්බෙක් හඩනගන්නාක් වැනි සද්දයක් ඇසුනි..
"මොකද්ද හෝම්ස් ඒ සද්දේ?"
"ගෙම්බෙක් බන්.ගණන් ගන්න එපා.."
තවත් විනාඩි දෙකකින් පමණ එය නැවත ඇසුනි..සද්දය ඇසි තප්පර ගණනකින් හාත්පස සිසාරා දැඩි දුගදක් හමන්නට විය..
"මොකද්ද හෝම්ස් ඒ?ගෙම්බා ජරාවක්වත් කාලද?"
"ගෙම්බා නෙමේ ඔයි මගේ බඩ අව්ල් අර කොත්තුව නිසා ..එකයි ඔය සද්ද..උබ පොඩ්ඩක් ඇහැ ගහගෙන හිටපන්..මම බොකක් බාල එන්නම් ඉක්මනට."
හෝම්ස් පිටව ගොස් මද වෙලාවකින් මට ඇසි පිය නිතැතින්ම සැලුනි..මද වෙලාවකින් මට ඇහැරුනේ හෝම්ස් ගේ විලාපය නිසාය.
"ඔයි ඔයි තෝ ඔක්කොම කෑවනේ හරකා..මුසලය වගේ නිදි තෝ.අරෙහෙ ඔක්කොම වෙලා..දැන් ඉතින් යමන් යන්න.හෙට අවිඉත් ආයේ බලමු.."
නිවසට යන තුරුම හෝම්ස්ගේ ඝර්ජනාවේ වෙනසක් නොවිය..පසුදා නැවත නිදි මැරීමට ඇති බැවින් අප නින්දට වැටුණි..
_______ටු බි කන්ටිනියුඩ් _______
මෙම කතා මාලාවේ සම්පූර්ණ අයිතිය ඇඩොල්ෆ් හිට්ලර් මහතා සතු බව කරුණාවෙන් සලකන්න........කතෘ අයිතිය සුරකින්න....
No comments:
Post a Comment