Tuesday, December 2, 2014

වෙසක් නාට්ටිය.....

හැම පෝයකටම වගේ අපේ පංසලේ ලොකු පිංකමක්,නැත්නම් වැඩසටහනක් සංවිධානය කරනව..,ඕං ඔය වගේ මීට අවුරැදු දෙක,තුනකට කලිං වෙසක් එකට අපේ ගමේ පංසලේ වෙසක් නාට්ටියක් පෙන්නන්න තීරනය කරා...,, මේක ලේසි පාසු නාට්ටියක් නෙමෙයි.."වෙස්සන්තර ජාතකය"නාට්‍යානු සාරයෙන් රඟ දැක්වීම.. වැඩේ කොච්චර නම් බැරෑරැම්ද කිව්වොත් නාට්ටියේ රියසල් පටං ගත්තෙ මාසෙකට කලිං.., හැම දෙනාගේම ඒක මතික තීරනය වුනේ ගමේ නාට්ටි පිස්සුව තිබුනු,දක්ෂ,ඒවගේ වැඩකට බය නැතිව ඉදිරිපත්වෙන ,හොඳම වැඩකාරයට නාට්ටියේ ප්‍රධාන චරිතය සහ පුහුනු කටයුතු බාර දෙන්න.., ඉතිං මේ වැඩේට නිතරගයෙන් තේරී පත් වුනේ ගමේ හොඳම බුලට් එක වුනු නිස්සංක අයිය.., නිස්සංක අයිය මීට කලිනුත් ලස්සන නාට්ටි කීපයක් වෙසක්,පොසොන් වලට පෙන්නල තිබුන,, (එක සැරයක් බීමේ ආදීනව නාට්ටියක් කරා,හොඳටම බීල ඇවිත් තමුංගෙ මායියට ගහල,ලමයින්ට ගහල අගතියට පත්කරල,සල්ලි විතරක් නෙමෙයි හැම දේම නැතිකරගන,අසනීප වෙලා පාරේ මැරිල වැටෙන කතාවක් කරා..,ඊට පස්සෙ පංසලේ පොඩි හාමුදුරැවෝ එතනට වැඩම කරල ධර්ම දේශනාවක් කරනව බීමේ ආදීනව.., ඔය විදිහට නාට්ටිය කරගන ගිහිං මේ බීමත් මනුස්සය වේදිකාවේ වැටෙන්න ඔන්න,මෙන්න තියෙද්දි කොහේදෝ ඉඳන් ආපු නිස්සංක අයියගේ බල්ල වේදිකාවට නැග්ග.. බල්ල එලවන්න වේදිකාවට නගින්නත් බෑ,එතකොටනාට්ට්‍ය රසය බිදෙනව..නිස්සංක අයිය කරේ "අා ටොමී උඹත් අාවද,වරෙං,වරෙං" කියල ඌව අතගාල පපුව අල්ලං මැරිල වැටෙන එක.. මේ හව් හරනක් නොදත් අසරන බල්ල නිස්සංක අයියගේ මුලු මූණම ලෙව කන්න පටං ගත්තෙ,අනේ මගෙ ස්වාමියාට මොකද වුනේ කියනව වගේ..,ඒත් නිස්සංක අයිය සද්ද නැතිව මැරැණු ඉරියව්වෙංම හිටිය හාමුදුරැවෝ බණ කියල ඉවර වෙනකම්ම..., "බලන්න පිංවතුනි රහමෙර පානය කරපු මනුස්සයගේ කටට බල්ලොත් සුලුදිය පහකරල යනකං දන්නෙ නෑ... කියල නාට්ටිය අවසාන කරා..) කොහොම හරි වෙස්සන්තර කතාව මේවගේ ලේසි පහසු එකක් නෙමෙයි,වංක ගිරියක් හදල වෙස්සන්තර රජ්ජුරැවොයි,බිසවයි,ලමයි දෙන්නයි පිටවෙලා යන තැනිං තමයි කතාව ඉවර කරන්නේ..., ඕං කොහොම,කොහොම හරි කතාව පටං ගත්ත කියමුකෝ.,කඩු පයිට්,ඇත්තු අලි,අස්වයෝ..රජවරැ,ඇමතිවරැ මේ ඔක්කොම වෙස්ගන්නවල නාට්ටිය සුපිරියට කරගන ගියා.. කොහොම හරි පලවෙනි විවේක කාලය එනකොට තමයි නාට්ටියට හෙනහුරා පාත් වුනේ..., ගමේ චන්ඩිය,එහෙමත් නැත්නම් කරා,.. නිස්සංක අයියට කිට්ටු කරල කිව්ව "මල්ලි මාත් හෙනම වැඩ්ඩෙක් තමයි,ඒකාලෙ බයිසු කෝප් එකක් නෑරම බලපු එල කොල්ලෙක් තමයි මම,මටත් චරිතයක් දියං එලටම කරල පෙන්නන්නම් "කියල.., මූ ටිකක් බීලත් හිටියේ...,ඉතිං මූව වරද්ද ගත්තොත් නාට්ටිය පෙන්නිල්ල තියා ගමේ වසන්න වෙන්නෙ නෑ කියල දැනගත්තු නිස්සංක අයිය ,නාට්ටියට අදාල නැතත් මූට පොඩි චරිතයක් දෙන්න තීරණය කරා....., "මෙහෙමයි කරා අයියෙ,ඔයාට තියෙන්නෙ වේදිකාව දිගේ මේ පැත්තෙ ඉඳල අර පැත්තට යන්න,එතකොට මග ඉන්නව නයෙක්,ඌ ඔයාගෙ කකුලට දස්ට කරයි..ඹයාට තියෙන්නෙ කැරකිලා ගිහිං අනික් කෙලවරෙන් බිමට වැටෙන්න,එහෙම කරාම ඔයාගෙ චරිතෙ ඉවරයි" නිස්සංක අයිය චරිතෙ ගැන පොඩි අදහසක් දුන්න.. "ඕක මොකක්ද මල්ලි දෙන්නම් තිතට " කියපු කරා බුවත් වැඩේට එන්ටර් වුනා.. ඕං දැං නාට්ටියෙ දෙවෙනි කොටස පටං ගත්තා.., මුල්ම දර්සනේ කරා බුවාගෙ නයි දස්ටන සීන් එක... නයාට හිටියෙ ප්‍රධාන නලුව,නිස්සංක අයිය පොරට කියල තිබ්බෙ කරා තත්පර දහයකින් ඔතෙන්ට එයි,එතකොට කලුපාට මේස් එකක් අතට දාගන වේදිකාවෙ ලෑලි දෙක මැද්දෙන් අතදාල කරාට දස්ට කරල ඉවරයක් කරල දාන්න කියල.. ඕං දැං කරා වේදිකාවට ගොඩ වෙලා එහෙට මෙහෙට වෙවී ඉන්නව..,නිස්සංක අයිය ඇහෙං කිව්වත් මූනෙමෙයි වේදිකාව අනික් පැත්තට යන්නේ...,කරා දැං පරන සිංහල පිලුම් වල කෑලිත් කියනව,ගාමිනී පොන්සේකගේ ඇක්සන් දානව...වැඩේ වන හැත්තෑවයි., ඒත් මේ බවක් නොදන්න අපේ ප්‍රධාන නලුව වේදිකාවෙ අඹ ලෑලි දෙකක් මැද්දෙං අත දාල හරියටම තත්පර දහයකිං දස්ට කරල දැම්ම..,ම්හ්.....වැදුනෙ අඹ ලෑල්ලට, කරා නෑ.., දැං මූ බලනව වට පිටේවත් කරා ඉන්නවනම් දස්ටකරල දාන්න අත අඹර අඹර... මොන කරා නෑ අහලකවත්, කරා බුවත් හොරෙං බලනව නයාදිහා,ආයේ වෙන සිංහල පිලුමක දෙබස් ටිකක් කියනව. ආයෙ බලනව... ප්‍රදාන නලු බුව අත ලෑල්ල අස්සෙන් දාගන නයා වගේ කරා හොයනව.. ටිකකින් කරාට මල පැන්න...,වේදිකාවෙ නයා ඉන්න පැත්තට වේගෙං දුවපු කරා "මොන හු#@$₹ ද යකෝ යන එන පාරෙ නයෙක් පුක දෙන්නෙ" කියල උඩ පැනල ගැහුව පයිං පාරක්...ප්‍රධාන නලුවගෙ අතට මැණික් කටුව ගාවින් නිල් වෙලායන්න....

No comments:

Post a Comment