Tuesday, December 2, 2014

ඇමති කෙරුම...

ඔන්න ඉතින් දවසක් ලංකාවෙ මාර්ග සංවර්ධන ඇමති ඉන්දියාවෙ ටුවර් එකක් ගියාලු.(හේතුව නම් මන් දනනෙත් නෑ). ආපු වැඩ ඉවර කරලා ඉන්දියාවෙ මාර්ග ඇමති එක්ක සෙට් වෙලා බෝතලේකුත් අරන් ඉන්දීය ඇමතිගෙ ගෙදරට ගියාලු. මෑන්ගෙ ගෙදර නිකන් දිව්ය මාළිගාවක් වගේ.අපේ පොරට පුදුමයිලු.තියෙන්නෙත් කදු ගැටයක් උඩ නිසා මාර ගති.අපේ මෑන් ඇහුවලු මෙච්චර ලස්සන,ලොකු ගෙයක් හැදුවෙ කොහොමද කියලා. ඉන්දියන් ඇමති අපේ මෑන්ව ජනේලෙ ගාවට ගෙනිහිව් මෙහෙම කීවලු. "මචං,අර පහල ගංගාව පේනවද?,ඒකට උඩින් තියන පාලම පේනවද?ඒක හදලා හම්බුන සල්ලි වලින් තමා ගේ හැදුවෙ" කීවලු අවුරුද්දකට පස්සෙ ඉන්දිය ඇමති ලංකාවට ඇවිත් අර වගේම අපේ මෑන්ගෙ ගෙදර ආවලු.ඉන්දිය ඇමතිගෙ ගෙදර වගේ දෙගුණයක් විශාලෙට මෑන් ගෙයක් හදලා.ශේප් එකෙ ඉන්දියන් ඇමති ඇහුවලු "කොහොමද බන් මේ ගේ හැදුවෙ" කියලා. අපේ මෑනුත් කින්ඩි හිනාවක් දාලා එහෙම ජනේලෙ ගාවට එක්ක ගියාලු. "මචං බලපං අර පහල ඇළ.එතන පාලමක් නෑනෙ.එකට දුන්න සල්ලි වලින් තමා ගේ හැදුවෙ" කීවලු. ඉන්දියන් කාරයා දඩාස් ගාලා බිමලු. ප.ලි:- ආතල් එකට පමනි.සුදු වෑන් උවමනා නැත

No comments:

Post a Comment