Tuesday, December 2, 2014

“පයියාගල”

මේ මං දාන පලවෙනි කතාව මං මයි ලිව්වේ. මං මේ ලගදී අම්බලංගොඩ පැත්තේ ගියා ඒ යනකොට පයාගල කියල ගමක් හම්බෙනවා ඒ ගමේ නමත් එක්ක වෙච්ච සිද්දියක් තමයි මං දැන් කියන්න යන්නේ. දැන් පයාගල කියලා ගහගෙන තිබුනට හැම බෝඩ් ලෑල්ලකම එක නෙවේනේ ඇත්තම නම එක මැද්දට යි අකුරකුත් එනවනේ.. ඔන්න මුලින්ම කියන්න ඕනි මං කුණුහරප කියනවා එහෙම නෙවේ හරිද එක ඉතින් මේක කියවන ඔයාල හිතන විදිහ අනුව තමා. අපරාදේ කියන්න බෑ රේල්වේ ස්ටේෂන් එකේ ඔය ගමේ නම එක අකුරක් වත් අඩු නැතුව තියෙනවා “පයියාගල” කියල. බොරු නම් හිය වෙලාවක බලන්නකෝ. දැන් කතාවට බහිමුකො.. ඔන්න මේ කතාව වෙලා තියෙන්නේ ඔය ගමේ නම මොඩ් වෙන්න කලින් ඒ කියන්න අකුරු අඩු වෙන්න කලින්. හදිස්සියේම මේ ගමේ ග්‍රාමසේවකට මාරු වීමක් ලැබුනලු ලුණුගලට. ඔන්න දැන් මේ ග්‍රාම සේවක හා හා පුර කියල ලුණුගල ගිහින් වැඩ ඇල්ලුවලු. දැන් ග්‍රාම සේවකට කියල ලිවුමක් සහතික කර ගන්න කොල්ලෙක් ආවලු. දන්නවනේ ඉති ග්‍රාම සේවකලා ලග රබර් සීල් එකක් තියෙනවනේ ලිවුම් සහතික කරන්න ගහන, ඉතින් දැන් මේ ඩයල් එකට අලුතින් එකක් හදාගෙන එහෙම නෑලු තියෙන්නේ පයියාගල කියලා තියෙන සීල් එකමලු. මු ඒ සීල් එකම ගහලා කොල්ලට එක සහතික කරලා දුන්නලු ඉතින් ඒ කොල්ලගේ තිබිච්ච හදිස්සියට. දැන් මේ කොල්ල මේ ලිවුමත් අරගෙන ගියාලු ඒ එයාගේ වැඩේ කර ගන්න. එතන හිටිය ලොක්ක කිව්වලු මෙහෙම හරියන්නේ මේක බර ගන්න බෑ. මේක ග්‍රාම සේවකට කියල වෙනස් කරගෙන අත්සනකුත් අරගෙන එන්න කියලා. ඉතින් දැන් මේ කොල්ල අපහු ග්‍රාම සේවක ලගට ගිහින් මේ සිද්දිය කියල කිව්වලු විසදුමක් හදල දෙන්න කියල. ග්‍රාම සේවකත් ඉතින් ලෝක වෙදාලු මු පයියාගල කියන එකේ පයියා කියන එක කපලා යටින් ලිව්වලු ලුණු කියලා. දැන් මේක සහතික කරන්නත් එපැයි ඒ හින්දා යටින් “පයිය කපා ලුණු දමා ඇත. ගල නොකැපු බවට සහතිලා කරමි.” කියල ලියලා අත්සනත් ගැහුවලු.

No comments:

Post a Comment