සියාතු සීයාගේ 110 වන උපන්දිනය අද යි... වසර 110 ක් ජීවත් වීම පිළිබඳව වාර්තා වැඩසටහනක් සෑදීම සඳහා සුරංග ඇතුළු මාධ්‍ය කණ්ඩායමක් සියාතුගේ නිවසට යයි... නැගිට ගැනීමට වාරු නැතිව සියාතු සීයා ආලින්දයේ පුටුවක වාඩි වී සිටී... ඉතිං සුරංග සීයාතු සීයා සමඟ interview එක පටන් ගනී,..
සුරංග : හොඳයි අපි අද ඇවිත් තියෙන්නේ සියාතු සීයාගේ නිවෙසට.. ඔව් අද ඔබ පුදුමයට පත් වේවි.. මොකද සියාතු සීයා... අද ඔහුගේ 110 වන උපන් දිනය සමරනවා.. ඉතිං අපි හිතනවා ඔබ කැමති ඇති කියලා... සියාතු සීයාගෙන් දැන ගන්න මේ තරම් කාලයක් ජීවත් වීමේ රහස මොකක්ද කියලා... සියාතු සීයේ අපිට කියන්නකෝ මොකක්ද මෙච්චර කල් ජීවත් වීමේ රහස කියලා....
සියාතු සීයා : මොකක්ද කොල්ලො උඹ මේ කොඳුරන්නේ.. හයියෙන් කියපන් මට කන් ඇහෙනවා හොරයිනේ....
සුරංග : (බෙරිහන් දෙමින්) සීයා මෙච්චර කාලයක් ජීවත් වීමේ රහස මොකක්ද??? අනිත් අයටත් දැන ගන්න කියන්නො....
සියාතු සීයා : ආහ්.. බොල.. ඒකද.. ඒක තමයි කොලුවො... මම මගේ ජීවිතේටම ඔය රහමෙර පාවිච්චි කොරලා නෑනේ... අනික මම කන්නේ.. එළවලු.. ඒ කාලේ අපි හොඳට මහන්සිවෙලා වැඩ කොළා.... ඒ හින්දා අපේ ඇඟේ හොඳට ශක්තිය පිහිටෙව්වා බොල මෙච්චර කාලයක් ජීවත් වෙන්න....
සුරංග : අන්න දැක්කද හිතවතුනි... මෙච්චර කාලයක් නිරෝගීව ජීවත් වීමේ රහස... සුරා සූදුවෙන් තොර වීම... ස්වභාවික වාසය කිරීම.. ව්‍යායාම... මේවා තමයි කෙනෙක්ගේ ආයු කාලය වැඩි කරන කරුණු... ඉතිං අපිත් අපේ ජීවිත මේ සියාතු සීයාගේ විදියට හැඩ ගසා ගන්න උත්සාහ කරන්න ඕනේ හිතවතුනි.... හොඳයි අපි අහලා බලමු සියාතු සීයාගෙන්, කවුද ඔහුගේ එදිනෙදා වැඩ කටයුතු වලට උදව් වෙන්නේ කියලා... මොකද සියතු සීයට වයස වැඩි හින්දා ඇවිද ගන්න අමාරුයිනේ.... (මහ හඬින්) හොඳයි සියාතු සීයා අපිට කියන්නකෝ කවුද ඔබගේ එදිනෙදා වැඩ වලට උදව් කරන්නේ කියලා....
සියාතු සීයා : මගේ දුකට සැපට හැම වැඩටම හිටියේ... මට මගෙ වැඩ ටික කොර ගන්න උදව් වෙන්නේ මගේ එක කුස උපන් මගේ රත්තරං අයියා තමයි....
සුරංග : (පුදුමයෙන්) මොනවා සීයේ.... සීයගේ අයියා තාමත් ජීවත් වෙනවද....
සියාතු සීයා : ඔව්.... දැන් මිනිහට 120 ක්... මිනිහා මම වගේ නෙමෙයිනේ... හරි කම්මැලියි.. ඒ දවස්වල ඉඳළම ගොඩක් කරන්නේ කාලා නිදාගන්න එක තමයි... අද මගේ උපන්දිනේ කියලා මම මේ කෙලීගෙ කනට කොරලා කියපු දේ ඇහිලා... අදත් ඔය පුස් සයිකොලෙත් පැදගෙන ගියේ තැබෑරුමට තමයි.... මොකද මිනිහා ඒ දවස් වල ඉඳලම හොඳ බේබද්දනේ.....
No comments:
Post a Comment