Wednesday, December 3, 2014
බාස් උන්නැහේගේ බිල
හාමුදුරුවන්ට තරු පෙන්වූ බාස් උන්නැහේගේ අපුරු බිල
ගමේ රජමහා විහාරස්‌ථානයේ විහාර මන්දිරයේ බිතු සිතුවම් දුර්වර්ණවී පවතී. පැරණි රූපබොහොමයක් අබලන්වී ඇත. බොහෝ බිතු සිතුවම්වල කොටස් කැඩී ගොසිනි.
විහාරමන්දිරයේ අබලන් සිතුවම්වල කැඩී ගිය කොටස් බදාම දමා සකස් කර තීන්ත ගෑම පලපුරුදුමේසන් බාස් කෙනෙකුට පැවරුවේය.
zzබාස් උන්නැහැ පිළිමවල කැඩුණු තැන් පුරවලා සිතුවම් වල හොඳ තීන්ත වර්ගයක් ගාලා හොඳටවැඩේ කරන්න ඕනේ යෑයි නායක හාමුදුරුවෝ පැවසූහ.
ඒ අනුව පියදාස බාස් උන්නැහේ වැඩේ භාරගත්තේය. මුලින්ම පැරණි බිතුසිතුවම් හා පිළිම පිරිසිදු කරඉන්පසු කැඩුණු බිඳුන තැන් සාදා තීන්ත ආලේප කළේය.
හාමුදුරුවනේ ඔන්න වැඩේ නියමෙට කෙරුවා. තීන්ත වලටත් එක්‌ක ගාස්‌තුව රුපියල් දාහත්දාස්‌පන්සීයයි වැඩේ අවසන් කරන ලද පියදාස බාස්‌උන්නැහේ බාස්‌කුලිය නායක හාමුදුරුවන්ගෙන් ඉල්ලාසිටියේය.
ඔහොම කීවට බැහැ බාස් උන්නැහැ එක එක වැඩේ නමයි වියදමයි විස්‌තර ඇතුව ලියලා දෙන්ඩ.මොකද මේ හැම වියදමක්‌ම දායක සභාවට දාල අනුමත කරගන්න වෙනවා නේ යෑයි නායකහාමුදුරුවෝ පැවසූහ.
ඒ අනුව පියදාස බාස් උන්නැහේ විහාරස්‌ථානයේ අලුත්වැඩියා වියදම් මෙසේ විස්‌තර සහිතව ලියාදුන්නේය.
ජූතක බමුණාගේ තුවාලය සුද්දකර සැරව දැමීම සඳහා රු.1000
යසෝදරා දේවියගේ ඉරීගිය තණපොට නැවත ඇන්දවීම රු. 5000
අංගුලිමාලගේ කඩුව මුවහත් කිරීම රු. 2500
අජාසත්තගේ දණහිස්‌වලට මස් දැමීම රු.3000
කුවේණිගේ බඩ පිරවීම රු. 2000
චිංචි මානවිකාවගේ බඩට දර දැමීම රු. 4000
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment