Tuesday, December 2, 2014
ඌරු කොටුව
ඉතින් මේක වුනේ මෙහෙමයි. මේ ලඟ පහලක තිබිල තියෙනවා, ඌරෝ ඇති කරන තැනක්. සෑහෙන්න ඌරෝ ඇති කරාලු එතන. දවසක් මෙතනට ආවලු සත්ත්ව අවිංසාවාදි දෙපර්තුමේන්තුවෙන් (එහෙම එකක් තියෙනවාද මන්ද.. හි හි ) පරීක්ශකතුමෙක්. මෑන්ස් කිව්වලු, "මට මේ ඌරන්ගෙ සෞඛ්‍ය ගැන අහල පහලින් පැමිනිලි ඇවිත් තියෙනවා, ම්ං ආවෙ ඒ ගැන චෙක් කොරන්න" කියලා.. ඉතින් අයිතිකාරයත් හිතින් බැන බැන චෙක් කොරගනින් කියල පැත්තකට වුනාලු. දැ ඉතින් මේ පරීක්ශකයා, ප්‍රශ්න අහනවලු හෙන ගහන්න වගේ. එක පාරටම මෑන්ස් ඇහුවලු, මුන්ට කන්න දෙන්නෙ මොනවද කියලා... ඉතින් අයිතිකාරයත් කිව්වලු, "සර්, මුන්ට මුන්ගෙ කැමැත්ත අනුව හොඳට මඩ ගොඩක් හදලයි තියෙන්නෙ ඔනි තරමක් කා ගනින් කියල" .. මේක අහන් ගිය පරීක්ශකයා මොකද කලේ, මූට දඩ ගැහුවලු, අපිරිසිදුයි,සත්තුන්ට සලකන විදිහ අන්තිමයි ඒව මේවා කියල...දැන් ඉතින් අයිතිකාරයට කරගන්න දෙයක් නැතිලු...
ඔහොම ඉතින් ටික දවසක් ගියාලු. පලාතට අලුත් සෞඛ්‍ය පරීක්ශකයෙක් ඇවිත් සමීක්ශන කරගෙන යන්න පටන් ගත්තා... මේ පරීක්ශකයත් අර ඌරු මඩුවට ආවා.. ඒ ඇවිත් අර වගෙම ප්‍රශ්න වැලක් අහගෙන ගිහින්, අන්තිමට ඇහුවලු "මුන්ට කන්න දෙන්නෙ මොනාද" කියල.. අයිතිකාරයා ගත් කටටම මඩයි කිව්වේ නෑ....ඉස්සෙල්ලා වෙච්ච දේ මතක් වෙල තැනට සුදුසු නුවණ දාලා කිව්වලු, "මුන්ට ඉතින් ඉස්තරන්ම ආහාර තමයි මං දෙන්නෙ... ෆ්‍රයිඩ් රයිස්, බුරියානි, බර්ගර්ස්, කේක්, පුඩින්, වටලප්පන්, නව සීලන්තයේ කිරි, ඉන්දියාවේ මසාලා තොසේ, ඔස්ට්‍රලියාවේ ඇපල් ..." කියල හෙන කෑම ලිස්ට් එකක් දිග ඇරලා... මේක අහපු පරීක්ශකයා කියපි, "ඌරන්ට කොයි රටෙද මෙව්වා දෙන්නේ" කියල.. ඊට පස්සෙ මෙන්න ගහපි දඩයක්... අයිතිකාරයට දැන් හොඳටම ඩෝං !...
ඔන්න ඔහොම ටික කාලයක් ගියාලු. තවත් දවසක, ඔය මොකක්දෝ සංගමයකින් ඇවිත් අර වගේම පරීක්ශනයක්ලු.. මේ යකත් අහපිලු, මුන්ට කන්න දෙන්නෙ මොනවැයි කියල... අපේ කතා නායකයත් මෙකට රෙඩි වෙලමයි උන්නේ....
මෑන්ස් ගත් කටටම කිව්ව,
"අනේ මුකුත් නෑ සර්, උදේට පෝලිමක් ගස්සලා එක එකාගේ අතට රු. 100ක් දීලා, ගිහින් උඹලට කැමති දෙයක් කාගනින් කියනවා" කියලා...
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment