Tuesday, December 2, 2014
ජොකෙක් ගන්න ගිහින් වෙච්ච වැඩේ
!!ටවුමෙ කඩෙන් ජොකෙක් ගන්න ගිහින් වෙච්ච වැඩේ!! (කාන්තා පක්‍ෂයට මේ කතාව කියවීම තහනම්!)
මේ සිද්ධිය වුනේ පහුගිය දෙසැම්බරයේ. ඒ කාලේ පැල් බැඳගෙන වහිනවා අපේ ගෙවල් පැත්තට. දානේ ගෙදරක් තිබුණු හින්දා ඔන්න මට ඕනැ වුණා සුදු කමිසයක් ගන්න. තිබුණු සුදු කමිසේ හෝදලා දැම්මත් කොහේ වේලාගන්නද ඒ වැස්සේ?
එදා හවස මං වැස්සේම ගියා හොරණ පැත්තේ අපේ නෑදෑ ගෙදරක. ආපහු එන කොටත් මොර සූරණ වැස්ස. හොඳ වෙලාවට අතර මගට කාර් එකකින් ලිෆ්ට් එකක් ලැබුණා. බස්සෙකක් එනකං කඩයක් අයිනේ හිරිකඩෙන් බේරිලා ඉන්න වෙලේ මට මතක් වුණා සුදු කමිසයක් ගත්තොත් හොඳයි නේද කියලා.
මං ගොඩ වැදුණා මේ රෙදි කඩේට. හොඳ වෙලාවට මේ කඩ රෑ හතටත් ඇරලා!
"සෑර්, ජෙන්ට්ස් ලා ගේ ඇඳුම් උඩ තට්ටුවේ!" පල්ලෙහා කෑල්ලේ හිටිය මල් ගවුමක් ඇඳලා හිටිය කෙලි පැටික්කියෙක් මට කීවා.
උඩ තට්ටුවට නැගලා බැලින්නං සුපුරුදු පරිදි පාට පාට ටී ෂර්ට් පුරෝලා දිගට හරහට. ඔන්න ඒ අතරින් මතුවුණා වෙළඳ සේවිකාව. මේ ඇත්තී දිග කලිසමක් ඇඳලා, මැන්චෙස්ටර් වර්ගයේ අත් දිග ෂර්ට් එකක් ඇඳලා යි හිටියේ. මේක කොහොමටත් ජෙන්ට්ස් ලා ගේ සෙක්ෂන් එකනේ.
"සෑර්, වඩ් ඩූ යූ වෝන් ටු බයි?"
"සුදු කමිස තියේද?"
"යර්ස් සෑර්, වට් සයිස් සෑර්?"
"සික්ස්ටීන් ඇන්ඩ් හාෆ්."
"හියර් සෑර්, දිස් වේ සෑර්."
ඔන්න ෂර්ට් කෑලි ගොඩක් මේසේ උඩට ඇදලා දැම්මා. මං ඉතිං එකක් තෝරලා ගත්තා. සල්ලි සල්ලි කියල බලන්නේ නැතුව එකදාස් ගානක එකක්.
"දැට් වන්, වැරි ගුඩ් සර්ට් සෑර්!"
"තෑන්ක් යු!"
"සැර්, යු වොන්ට් ටී ෂර්ට්ස් සෑර්?"
ඔන්න ඉතිං මට ටී ෂර්ට් එකකුත් ගන්න හිතුණා. ඒවායේ සයිස් තියෙන්නේ මීඩියම්, ලාර්ජ් සහ ඇක්ස්ට්‍රා ලාර්ජ්.
මට හරියන්නේ "ඇක්ස්ට්‍රා ලාජ්" බලාගෙන යන කොට. අන්තිමේදී ඒකට ගෙඩි රුපියල් හත්සීයක් ම ගියා!
"ඇනිතිං ඇල්ස් සෑර්?"
"නෑ ඒ ඇති."
"සෑර්, හව් අබවුට් සම් අන්ඩර් වෙයාර් සෑර්?"
අන්ඩර් වෙයා? ඔන්න එතකොට මටත් හිතුණා, ජොක්කු දෙක තුනකුත් ගත්ත නං හොඳයි නේද කියලා.
"හියර් සෑර්, දැට් සයිඩ්."
බැලින්නං එතන එක එක වර්ගයේ බ්‍රෑන්ඩ්වල ජොක්කු පෙට්ටි පුරෝලා. ඇපල්, දෙල්, ඒසර්, ඇච්පී, ලෙනොවෝ, ටොෂිබා, බුදු අම්මෝ තියෙන චොයිසස්.
"වට් සයිස් සෑර්? මීඩියම්, ලාජ්, ඇක්ස්ට්‍රා ලාජ්?"
"දෙන්න බලන්න."
මං ජොක්කු පෙට්ටි දෙක තුනක් අරං බලන කොට ඒවාගේ ඉනේ සයිස් එක දාලා තියෙනවා. මගේ ඉනේ සයිස් එක අඟල් තිස් අට බව මතක නිසා මං පෙට්ටියේ ප්‍රින්ට් කරලා තිබුණු වගුවට අනුව එක්ස්ට්‍රා ලාජ් පෙට්ටියක් තෝරා ගත්තා. එක පෙට්ටියක ජොක්කු තුනක් ම තියෙනවා.
"සෑර්, චැක් ද සයිස්, චැක් ද සයිස්!" සේල්ස් සහකාරිය කියුවා.
"අයි ඩිඩ්, මගේ ඉන තර්ටි එයිට්. ඒකයි මං එක්ස්ට්‍රා ලාජ් ගත්තේ."
"සෑර්, ඕපන් ඇන් සී සෑර්, ඕපන් ඇන් සී සෑර්, ඇරලා බලන්න සෑර්!"
මට ඕනෑ වුනේ නෑ, මේ ජොක්කු පෙට්ටි ඇරලා බලන්න. මගේ සයිස් එක මං දන්නවානේ!
අනික මං ගත්තු සුදු ෂර්ට් ඇඳලා තියා කවරෙන් ගලෝලාවත් බැලුවයැ? ටී ෂර්ට් එක නං හැඟර් එකක දාලයි තිබුනේ ඒ නිසා ඇඟට තියලා බලලයි ගත්තේ.
ඒත් මේ මනුස්සයා ඒකට කැමති නෑ.
මේන් බොලේ මේ මනුස්සයා ජොක්කු පෙට්ටිය ඇරලා, ජොකෙක් අතට අරං, හිමින් සීරුවේ මේසේ උඩ හොඳට දිග ඇරලා අතින් හොඳට හරි ගැස්සුවා ෆ්‍රන්ට් ඉලෙවේෂන් එක.
එතකොට තමයි මට වැඩේ තේරුණේ. මේකට දාන්න නං ඉතිං දෙන්නෙක් ගේ වස්තු කන්දරාවම ඕනෑ වෙයි!
"සෑර් දිස් ටයිප් - සයිස් ඕකේ. දිස් ටයිප් - සයිස් ප්‍රොබ්ලම්. ඇක්ස්ට්‍රා ලාර්ජ්, ටූ බිග්!"
සේල්ස් ඇත්තී කිව්වා. බැලින්නං මේ ජොක්කු වර්ගයේ පෙට්ටියේ තියෙන වගුව වැරදියි.
මොනවා කරන්නද ඉතිං. මං මිනිහෙකුට කරන්න පුළුවන් මෝස්ට් හියුමිලියේටින් පරාජය පිළිගැනීම කළා.
"හොඳයි, එහෙනං මට මේ ඇක්ස්ට්‍රා ලාජ් එක නෙමේ, ලාර්ජ් එකෙන් පෙට්ටියක් දෙන්නකෝ!"
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment