Friday, December 5, 2014

වීරමාතා

ළමය් අටක් හදනව කියන්නෙ සෙල්ලම් වැඩක්ද නේ..? එහෙම අම්ම කෙනෙක් ඉන්නව රත්නපුරේ අපේ යාලුවෙක්ගෙ ගෙවල් ලඟ. පහුගිය දවසක ඒ මනුස්සයට 'වීරමාතා' සම්මානෙ හම්බවෙලා.. 
ලොකු උත්සවයක් එහෙම තියල, කොළඹ රටේදී තමා ඔය කියන සම්මානෙ දීල තියෙන්නෙ. සම්මානෙත් අරං අම්ම ගමට එනකොට ගමේ ඈයොත් පොඩි සංග්‍රහයක් එහෙම ලේස්ති කරල.
එදා දවසෙ මුලු ගමම මේ අම්මලගෙ ගෙදරලු. ගමේ ඈයොන්ටත් ඉතිං සන්තෝසෙනේ..
හැබැයි ළමයින්ගේ අප්පොච්චිටනං පොඩ්ඩක් වැඩේ අවුල්ලු.. ඇය් දෙය්යනේ හැමෝම හොයන්නෙ, කතාකරන්නෙ අම්ම එක්ක.. 
ඔය හිතේ අමාරුවටත් එක්ක මේ තාත්ත ගියාලු බාර් එක පැත්තෙ, 
හිතේ අමාරුවටත් එක්කම ගත්ත නිසාද මන්ද පොරට ටිකක් වැඩි උනාලු..
වැනි වැනී ගෙදර එනකොට මගටම පේනවලු යනකොට හිටියටත් වඩා සෙනගක් ගෙදර පිරිල ඉන්නව.
තාත්තට මළපැන්නලු.. කතාකරාලු පොඩිම කොල්ලට.. කතාකරල ඌට මෙහෙම කියනවලු හැමෝටම ඇහෙන්න..

"පුතේ, මේ රටේ පුරවැසියෙක් විදියට මම උඹට කියන්නෙ, කවදහරි උඹල එකතුවෙලා මේ ක්‍රමේ වෙනස් කරන්න ඕන.. හැමතැනම අසාදාරනේ.. හැමෝටම සමානාත්මතාවය ඇතිවෙන විදියට වැඩකරන සමාජයක් බොලා ඇතිකරන්න ඕන.."

"ඒ කියන්නෙ තාත්තෙ...??" 

කොල්ලටත් නිකං කොය්ල් වගේ..

"ඒ කියන්නෙ යකෝ මහංසි වෙච්චි අපිට හුප්පෙ.. උඩබලං හිටපු එවුංට සම්මාන...!!!"

No comments:

Post a Comment