Wednesday, December 3, 2014
පොල්ල රබර් එක
වයසක කෙනෙක්, බඩ දරු අම්මා කෙනෙක්, පොඩි එකෙක් වඩා ගත්ත කෙනෙක් නැග්ග ගමන්, බස් එකේ ඉඳගෙන ඉන්න උන් ඔක්කෝටම නින්ද යනවාය. කොන්දා සීට් එකක් දෙන්න කියා එනවුන්ස් කලාම විතරක්, මාර අකමැත්තෙන් මොකෙක් හෝ සීට් එකක් දෙනවාය. ඊට පස්සේ සීට් එක හම්බ වෙච්ච එකා, වෙන එකෙකුට සීට් එක දීලා බහිනවාය. හරියට, එයා ගෙදරින් ගෙනාපු එකක් වාගෙය.
ඔන්න බස් එකකට නාකී සීය කෙනෙක් හැරමිටියකුත් අරගෙන ගොඩ උනාය. බස් එකේ ඔක්කෝටම නින්ද ගියේය. සියා වව්ලා වගේ එල්ලිලා, හැරමිටියත් බැලන්ස් කරගෙන, කමලා සර්කස් පෙන්න පෙන්නා යනවාය. මොකෝ හැරමිට්ට ලිස්සනවාය. ඔය අතරේ ඩැයිවරයා තව බස් එකකට කෙලවෙන්නම කපපු වෙලාවේ, සීයා "තපක්.." ගා බිම ඇදගෙන වැටුනේය..
ඒත් ඔක්කෝම නිදිය.. සියා අමාරුවෙන් නැගිටලා, ආයෙත් ඩෝප් කාර්යා වාගේ වැනෙනවාය. ඔය අස්සේ, සීට් එකක හිටපු, අවුරුදු හතක විතර ඇම්ඩෙක් සීයාට කිව්වේ, " අයියෝ සීයේ ඔය පොල්ලේ කෙලවරට පොඩි රබර් කෑල්ලක් දාගත්තා නම්, පොල්ල ලිස්සන්නෙ නෑ නේ. එහෙනම් සීය වැටෙන්නේත් නෑ නේ..." කියාය.
"ලොහ් ලොහ්... තනිකොල ඇත්ත පුතේ.. තොගේ තාත්තත්, පොල්ල කෙලවරේ රබර් එකක් දා ගත්තා නම්, අද මට ඔය සීට් එකේ ඉඳගෙන යන්න තිබුනා නේ බං... එලවා මෙතොන පොල්ලෙ හබර් දාල්ල.. වේස් කොල්ලා.." කියා, සීයා ආදරෙයෙන් කීවෝය..
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment