Friday, December 19, 2014

මෝල් කවි

තරමක් ගොහොරු මඩවලකින් පනින විට
මම දැක්කෙමිය ඉස්සුණ උඹෙ සාය යට
කට දිව ගියත් පැණි වරකා බෑයකට
ඇහැ රැවටුණේ මල් ඉහිරුණු ජංගියට

ඉන්පසු කීප දවසක් මඩ වගුර ලඟ
සිටියා දකින්නට මම උඹෙ කලවෙ රඟ
දුර එනකොටම නුඹ හල හල කඳුළු ගඟ
සෙවනැල්ලටත් තෙමුණා පොඩි එකා දඟ

උඹ ගැන හිත හිතා දවසට හත් පාරක්
වැදිලා ඇඳට ගැන්නා යටලී ගානක්
අම්මා කීය තොට හැදිලද මොන ගායක්
බලපිය ඇඟෙන් නෑ දැං තොගෙ තුංකාලක්

බැන්දා කොහොම හරි මතකද වලිකාලා
පළවෙනි දවසෙ හිටිහැටි දෙන්නම නාලා
මමනම් හිතුවෙ සද්දෙත් එයි පොහ් ගාලා
ලිඳකට මොටද ? තුන්කාලේ බට දාලා

හැදුණා එකා දෙන්නා නෑ වගේ වගක්
දැං ඉඳහිටයි නා ගන්නේ වතුර ටිකක්
වියලී වටේටම නෑ තෙතමනය බිඳක්
වාගෙයි යෝධ ඇල මැද කැපු වගා ලිඳක්



------------------------ ශාරා

No comments:

Post a Comment