එවිට ඔවුන් දැක්කේ අසල තිබු පරණ සිමෙන්ති කණුවකි....දෙදෙන
එක්ව බොහොම අමාරුවෙන් එය උස්සන් ගොස් පාලු ලිඳට දැම්මෝය....ටික වෙලාවකින් ඔවුන් පුදුමයෙන් පුදුමයට පත් කරමින් එළු නාම්බෙක් වේගයෙන් දිවවිත් මිතුරන් දෙදෙනා මැද්දෙන් ලිඳට පැන්නේය....
ඉන් ටික වෙලාවකට පසු වයසක මනුස්සයෙක් යමක් සොයමින් ඒ දෙසට පැමිණ ..."මහත්තයල එළුවෙක් එහෙම මේ හරියේ දැක්කේ නැද්ද ?"
"ඔයාගේ එළුවද කියලනං දන්නෙ නෑ...හැබැයි මේ දැන් එළුවෙක් පණකඩාගෙන ඇවිත් මේ ළිඳට පැන්න"....
"නෑ මහත්තයො ඒ මගේ එකා නං වෙන්න බෑ...මම ඌව හොඳ හයිය කඹේකින් මේ හරියෙ සිමෙන්ති කණුවකට ගැටගහලයි තිබ්බෙ"
No comments:
Post a Comment