Wednesday, December 3, 2014

කලින් දන්න අය

මේක අපේ ඇම්ඩන් මලයගේ ඉස්කෝලෙ කතාවක්.. දවසක් පන්තියට ආව ටීචර් පාඩම පටන් ගත්තලු.. "ළමාාායි අද අපි කතා කරන්න යන්නෙ ලිංගික අධ්‍යාපනය ගැන.. මුලින්ම අපි කතා කරමු මිනිස්සුන්ගේ ප්රජනන ක්රියාවලිය ගැන" කියනකොටම ඇම්ඩා අත ඉස්සුවලු.. ඇම්ඩගේ චරිත සහතිකයෙ කොපියක් ටීචර්ගෙ හිතේ උඩින්ම තියෙන නිසා, ටිච්ර් ඇම්ඩව ගණන් නොගෙන පාඩම කරගෙන ගියාලු.. "මුලින්ම පිරිමියයි ගැහැණියයි ආදරයෙන් බැදෙන්න ඕන.. එයාල--" ඒ පාර ඇම්ඩ අත් දෙකම උස්සගෙන දෙපැත්තට වනන්න ගත්තලු.. දවසෙ පාඩමත් ටිකක් අවුල් නිසා කොහොම හරි ඇම්ඩව ගණන් නොගෙන ඉන්න ටීචර් හිතුවලු... "එයාල ආදරයෙන් බැදිල---" දැන් ඇම්ඩ අත් උස්සගෙන වනනවා ඇරෙන්න කකුල් දෙකත් පොලවෙ හප්පලා සද්දෙ දානවලු.. බැරිම තැන ටීචර් ඇහුවලු.. "මොකද ඇම්ඩන්?" ඇම්ඩ කිව්වලු... "ටීචර් මට අහන්න ඕන වුණේ මීට කලින් පාඩම ප්රායෝගිකව අත්හදා බලලා තියෙන අය පන්තියෙන් එළියට ගියාට කමක් නැද්ද කියල"

No comments:

Post a Comment