Thursday, November 27, 2014

--------ලෝයර්-------

ඉංජිනේරුවෙකි ඔහු නම තියපු රටේ නිම කළ හැමවැඩම නොම්මර එකට වැටේ එනමුදු කරපු කරුමය ලෙස කාපි බැටේ මරණින් පසු වැටුණි නරකාදියෙහි කටේ ගියදා පටන් මේ ලොක්කා අපායට නොතිබූ නිසා කිසිවක් ප්‍රිය මනාපෙට වෙහෙසා මොළේ ටික ටික මුත් ක්‍රමේකට මොඩිෆයි කළා නරකය නව විලාසෙට ඒ සී කළා මේකා නරකාදියම බැන්දා කොමඩ් හැම පොදු වැසිකිළියකම ලිෆ්ට් එක හයි කළා කටු ඉඹුලේ මුළම මොහු ගැන කථාවෙයි දැන් මුළු අපායම දෙව්ලොව වෙතට මේ ආරංචිය ලැබුණා දුරකථනයට සක් දෙවිඳුගෙ අත යැවුණා "ඕකා එවාපන් මා හමුවට සැනිනා" වසවත් මරුට සක් දෙවියන් අණ දුන්නා "ඇවිදින් කරන සේවෙට මූ අපායට පඩියක් දීල ගත්තා මාළිගාවට ඔහුනම් එවන්නේ නෑ ඔබ අභිමුවට පත් කරනවා ඊළඟ මැති සභාවට" සක්කරයාට සත්තකටම මල පැන්නා වසවර්තියට ඊලඟ ඇමතුම දුන්නා "එව්වේ නැතොත් මූ මා ගාවට සැනිනා එරෙහිව අපායට නඩුවක් පවරන්නා" හිකි හිකි ගගා යමරජු පිළිතුරු දෙන්නේ "කොහොමද විරුද්ධව මට නඩු පවරන්නේ කළුනික හොයනුමැන හෙව්වොත් හමුවන්නේ "ලෝයරයෝ" කොහෙද බොස් දෙව්ලොව ඉන්නේ?"

No comments:

Post a Comment