Friday, November 21, 2014
අකාරාදි වෙරි මත...,
අන්න අදත් A මිනිහා Bගෙන Cමන් මාමගෙ ගෙවල් පැත්තට යනව.Dන්ගිරි මැණිකගෙ මනුස්සයත් Eට පිටිපස් සෙන් උන්දැගෙ තාත්තගෙ වෑර්ලස් එකේ Fඑම් මීටරේ කරකෝ කරකෝ යනවා.මුන් වෙරි මතේ කියන කරන ඒවා දැක්කම Gවිතෙත් එක්ක එපා වෙනවා.Hචර වෙලා සිද්ධිය බලන් හිටපු Iයත් උන් දෙන්නට බනිනව මම අහගෙන.Jත්තුවට ඇදගෙන මගුල් වල එහෙම ගියාට ආයෙ එන් නෙ හතර ගාතෙ දාගෙන Kන්දරේ පාලු වෙච්ච මී හරක වගේ.හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කරගත්තු කසාදෙ හන්ද මිනිහගෙ ගෑණිටත් Lලෙන්න වැලේ වැල් නැතුව Mබාම් කරපු මලමිනියක් වගේ බලාගත්තු අතේ බලාගෙන ඉන්නවා.හවසට මනුස්සය වැනි වැනී ගෙදර ඇවිත් ගහන පාරවල් වලින් බේරෙන්න ගෑණි අල්ලපු වැටේ උක්කුවගෙ ගෙදරට බඩගානව.උක්කුවගෙ ගෑණි Nසිනා තමයි මේකිව බේර ගන් නේ.Oය Pරිමි අතකින් ගහන පාරක් හරියට වැදුන නම් ගෑණි එතනම මැරෙනව කියල දවසක් උක්කුව අපේ ගෙදර ඇවිත් Qවා.ඩිංගිරිමැණිකා මිනිහගෙන් Rක්සා වෙන්න පන්සලෙන් පිරිත් නූලකුත් දාගෙන ලු.බදින්න Sසර මිනියක් මරල වැලිකඩ හිටපු පොඩි කාලෙ රන් කිරි වෙනුවට Tන් කිරි කට ගාපු මේ වගේ එකෙක්ට ගෑණියෙක් දෙනව කියන් නෙ ඒකිව කඩුව නැතුව Uද් දෙට යැව්ව වගේ.Vරය වගේ බිව්වට මොකද W අකුර වගේ ගෙදරට එන මුගෙ ඇට කටු කුඩුව තියේද කියල බලන්න X රේ එකක් අරන් Yද්ය පරීක්ෂණයක් කරන්න වෙනව.අන්තිමට ඉතිං මේ Zන් එකට හිනා ගියේ නැත්තං මට කරන්න දේකුත් නෑ ඕං
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment