Thursday, November 27, 2014

සාහිත්‍ය රැස්වීම.......

8 වසරේදී අපේ පංතියේ උන්ට මගෙන් "ආතල්" ගන්න ආස හිතිලා සහිත්‍යද මොකක්ද සබාවක සබාපතිට මගේ නම යෝජනා කලා. අපේ පංතියේ කිහිප දෙනෙකුගේ "අබ්යන්තර කැරැල්ලක" ප්‍රතිපලයක් හේතුවෙන් චන්ද විමසීමේදී වැඩිම චන්ද ගණනක් ලබාගෙන "සබාපතියා" වෙද්දී අපේ පන්තියේ "පරයො" සබාව දෙවනත් වෙන්න අප්පුඩි ගැහුවා. සබාවක ජීවිතේට ඉස්සරහට ගිහින් සින්දුවක් කියල නැති මගේ නම කියල "සුනිල් සර්" කෑගහද්දී චන්දෙ දීපු එවුන්ටයි, මගේ නම යෝජනා කරපු "සුද්දා"ටයි, හැම මගුලම ස්ථිර කරන "චාලි"යටයි කුණුහබ්බෙන් බැන බැන පුටුවෙන් නැගිටින් නැතුව ඉන්නකොට සුනිලය උගුර කඩාගෙන ආයි නම කියල කෑගහල ඉස්සරහට එන්නෙයි කිවුවා... කොල්ලො කිහිප දෙනෙක්ගෙ "කන් පලල" සුනිල් සර්ට අත්දැකීම් තියෙන නිසා දිගටම වාඩි වෙලා හිටියොත් මගේ කනත් පොරගේ අතින් පලාගන්න වෙන නිසා බල්ලා වගේ නැගිටලා ඉස්සරහට යනකොට අපේ පංතියේ උන්ගෙ ආතල් එක කොච්චර වැඩිවෙලාද කියනවනම් උන්ගෙ කටවල් ඇරිල දත් ටික ඔක්කොම එලියෙ ..... . ජෝකර් කෙනෙක් වගේ මම ඉස්සරහට ගිහින්, "ලේකම්" වීමේ ප්‍රීතිය ඉහවහා ගිහින් ඉදපු උගත්, බුද්දිමත්, රූමත් "කෙල්ලගේ" පුටුව එහා පැත්තෙන් වාඩි වුනා..... ඒකිට පොඩි කාලෙ ඉඳන් සබාවල් වල මුල් පුටු හොබවල එස්පිරියන්ස් තිබුන නිසා ඒකිගෙන් අහගෙන පලවෙනි දවසෙ නොකර බැරි කමට සබාව කරා....සබාව කරා කියල ලොකු දෙයක් කරේ නෑ කොල්ලෝ කෑගහනකොට නැගිටලා "සබාව නිස්සබ්ද වනු" කියල කෑගහන්න තිබුනේ.... අන්තිමට සබාව ඉවරවෙන්න ඔන්න මෙන්න කියල තියෙනකොට සුනිලය කෑගැහුව දැන් "සබාපතිගේ කතාව" කරන්නෙයි කියල.... ඒ වෙලාවේ ඇඟේ හැම අවයවයකින්ම දාඩිය දාල තිබුනේ ... ජීවිතේට කතාවක් නොකරපු මට කතාවක් කරන්නෙයි කිවුවම උගේ ### මතක් උනා...වෙලාවට ඊට කලින් "ඉතා රූමත්" ලේකම් කෙල්ල කතාවක් කරපු නිසා ඒකි කියපු වචනයක් දෙකක් ලාවට මතක තිබුනා... සුනිලය කන පලයි කියල තිබුන මාරක බය නිසා නැගිටල ගැහි ගැහි මගේ කතාව පටන් ගත්තා.."අද සබාව ඉතා හොදින් කරා..ඔබ සියලු දෙනා ඒ සදහා සහයෝගය දුන්නා..අපි ඊලග සබාව මීටත් හොදට කරමු" වගේ හතර බීරි කතා කියද්දී අපේ පන්තියේ උන්ගෙ කටවල් තිබුනේ කනේ .... . සති දෙකකින් ඊලග සාහිත්‍ය රැස්වීම. රැස්වීමට කලින් දවසෙ බුදුන් වඳිද්දී සුනිලය ඇවිල්ල පොඩි ඉන්දිකගේ( කහ බතාගෙ ) කනට ගැහුව නිකන් හෙනයක් ගහන්න වගේ සදදෙ.... දෙවෙනි දවසෙ සබාවට යන් නැතුව ගල් කන්දෙ හැංගිලා ඉන්නවයි කියල හිතාගෙන ගෙදරින් ආවත් සුනිලය කන පලයි කියන බය හදවතේ කොනක තිබුන නිසා අකමැත්තෙන් වුනත් සබාවට ගියා ...... අපේ පන්තියේ උන් දෙවෙනි දවසෙත් මම සබාපති පුටුවේ ඉඳන් දෙන ආතල් බලන්න සබාවේ අන්තිම පේලියට වෙලා දත කට මැදගෙන බලාගෙන උන්නා .. . සබාව පටන් ගත්ත....කාලය ගෙවී ගියා..රූමත් ලේකම්වරිය පසුගිය වාර්තාව කියෙවුව...ඊට පස්සෙත් මම මොන්ගලය වගේ බලාගෙන හිටියා....සුනිලයට මල පැනල "වාර්තාව සබා සම්මත කරන්නෙයි" කියල කෑ ගැහුව.....මාත් ඉතින් නැගිටලා "ලේකම් කියවපු වාර්තාව මා විසින් සබා සම්මත කරනව"යි කිවුව ගමන් සුනිලයට යක්සාවෙස වෙලා කෑගැහුව "මොනවද යකෝ කරන්නෙ. ඕක උඹ නෙවෙයි සබාවේ ඉන්න එවුන් සම්මත කරන්නෙ" කියල ගිරිය කඩාගෙන කෑ ගැහුව..( තව තව ගොඩක් ඒවා කිවුව පොඩි උන් ඉන්න නිසා ඒවා කොටන් නෑ ) ... මම ඉස්සරහ ඉඳගෙන බැනුම් අහනවා මාව සබාපතියා කොරපු උන් ඇවරිය එලියට දාගෙන හිනාවෙනවා......කන පලාගන්නේ නැතුව එදත් නුලෙන් බේරුනා........ . සබාපතිකම බල්ලට දාල, උප සබාපතියට ලේකම් ගෑනියි, සුනිලයයි එක්ක ඕන කුදයක් ගහගන්නෙයි කියල ඊට පස්සෙ සාහිත්‍ය රැස්වීම පැත්ත පළාතෙ ගියේ නෑ..... සුනිල් සර් කන පැලුවත් කමක් නෑ කියල සුද්දයි, මොල්ලියයි, සිරිපාලයි එක්ක ඊට පස්සේ තිබුණු හැම සාහිත්‍ය රැස්වීමම කට් කරා... . ටික කාලයක් ගියාම උප සබාපතියත් රැස්වීම කට් කරන්න පටන් ගත්තා.... සුනිල් සර්ට තිබුණු "ඒකාදිපති වියරුව" හා "කන් පැලීමේ දක්සතාවය" නිසා අපේ පන්ති බාර වනිතා ටීචගෙ මූලිකත්වයෙන් පටන් ගත්ත සාහිත්‍ය රැස්වීම බංග වුනා....

No comments:

Post a Comment