Thursday, November 27, 2014
කළු/ සුදු.
අප්‍රිකාව එක ගම්මානෙක මිෂනාරිවරයෙක් හිටියලු. ඒ පලාතටම හිටිය සුදු මිනිහ ඒ පාදිලි තුමාලු. ඔන්න ඒ ගමේ ලොක්කගෙ බිරින්ඳෑට 5වෙනි ලමය ලැබුනම, පැටිය සුදුයි ලු. ලොක්ක ෆුල් අන්දොස්ලු දැන්. ගෑණිට කෙස්වැටියෙන් අල්ලලා නෙලුවලු ඇත්ත කියපිය කියල. ඒත් උත්තර නැති තැන ගෑනියි පැටියයි අරන් ගියලු පාදිලි හම්බෙන්න.
ලොක්ක: මේ පාදිලිතුමෝ මේ මුලු පලාතටම ඉන්න එකම සුදු මිනිහ ඔබතුමා විතරයි. මගේ ඊයෙ ඉපදුනු එකා ඔහේගෙ හමේ පාට. දැනම මට මේක පැහැදිලි කරල දෙන්ඩ.
ෆාදර්: ( කල්පනාකරල) අර අතන ඉන්න සුදු එලුවො පට්ටියෙ ඉන්න කලු එලුව බලන්න. ඒකට පැහැදිලි කිරීමක් ඔබතුමාට පුලුවන්ද? ඒක තමයි සර්වබලදාරී දෙවියන් වහන්සේගේ මැවීමේ විශ්මය..,etc.
ලොක්ක: (ෆාදර්ට කිට්ටුවෙලා රහසින්) පාදිලිතුමෝ, පාදිලිතුමා පාදිලිතුමාගෙ රහස රකින්න. මම මගේ රහස රකින්නම්.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment