"ආ වොට්සන් ඔබ වෙලාවට ආවේ..අඳුනගන්න මේ සමන් මහත්මයාව "
හෝම්ස් ගේ හඳුන්වදිමත් සමග හුන් තැනින් ඉහලට එසවූ ඔහු මට අචාර කළේය..
වැඩිය අත මිට සරුසාර නොවූ ඔහු දිලිදු පව්ලක අයෙක් බවත් නිදි මැරීම නිසා ඇස් වටේ කළු පැහැ ගැන්වී තිබු සැටිත් මම දුටිමි..තවද අංක එකේ බේබද්දෙක් යන ලකුණු ඔහුගේ කට දෙපැත්තෙන් දක්නට ලැබුණි..
"මෙතුමා දැන් ආව විතරයි..මම ඔබ එනකම් ඔහුගේ ප්රශ්නය විමසන්නේ නැතුව පොඩ්ඩක් ජනාදිපතිවරණේ ගැන කතා කර කර හිටියේ..හොඳයි දැන් ඔබගේ කතාව පටන් ගන්න සමන් මහත්මයා "
"මගේ නම ඔබතුමන්ලා දන්නවනේ දැන්..මම ඉන්නේ ගල්කිස්සේ..මම වැඩ කරන්නේ පවුද්ගලික ආයතනයක මුරකරු වශයෙන්..මම බොහෝවිට කරන්නේ රාත්රී වැඩ මුරය..එහෙත් මේ ලඟදි ඉඳන් මට මගේ රැකියාව අහිමි වෙන ලකුණු පේනවා හෝම්ස් මහත්මයා.."
"ඇයි මහත්මයා එහෙම කියන්නේ..ඔබ ජරාවක්වත් කාල එතන උන්ට මාට්ටු උනාද ?"
"උබට පිස්සුද පකේ හෝම්ස් මහත්මයා ?එහෙම ප්රශ්නයක් නෙමේ..මට රෑට වැඩ කරද්දී ටිකක් නින්ද යනවා..ඒ වෙලවට තමයි මේක වෙන්නේ.."
"ඒ මොකද්ද මහත්මයා ඒ..නින්දෙන් චු යනවද.." කියූ හෝම්ස් හෝක් හොක් හඬ නගා සිනාසෙන්නට විය..
එවිටම මගේ දිහාට හැරුණු සමන් මහත්මයා සෙමින් යමක් මිමිනුවේය
"මුගේ ඔලුව කොහෙහරි වැදිලද වොට්සන් මහත්මයා "
"ගණන් ගන්න එපා පොඩි කාලේ ඕක ඇඳෙන් බිමට වැටිලා "
"නැහැ හෝම්ස් මහත්මයා..මම රෑට නිදි මරන්න අමාරු නිසා කසිප්පු ඩිංගක් තොල ගානවා..එත් ඉතින් මට පොඩ්ඩක් ඇහැ පියවෙනවා.."
"ඕක අපිට විසදන්න පුළුවන් ප්රශ්නයක් නෙමේ සමන් මහත්මයා..මානසික
"නැහැ නැහැ ඔයි.හිටපන්කෝ මහත්තයෝ මැදින් පනින්නේ නැතුව මෝඩ හුයන්න වගේ.."
"රෑට වැඩ මුරය මම කරන්නේ එළියේ පුටුවක් තියාගෙන..ඔහොම ඉන්නකොට ඉතින් රෑ 1 ට විතර ඩිංගක් ඇහැ පියවෙනවා..නින්ද
"රියලිටි ස්ටාර් වල ෆයිනල් එකේ වගේ තටමන්නේ නැතුව කියපන්කො ඉතින් කියන රෙද්දක්"
හෝම්ස්ගේ සීමාවද ඉක්මවා ගිය බව පෙනුනි..
"මන් නිදාගෙන ටික වෙලාවකින් කව්රුහරි මගේ කට කනවා හෝම්ස් මහත්මයා..ඒත් ඇස් ඇරලා බැලුවම තරුණියක් ක්ෂණික පෙනී ඉඳල නොපෙනී යනවා.."
එවිටම හෝම්ස් මහා හඬින් සිනාසෙන්නට විය..
"ඇයි හෝම්ස් මහත්මයා ..ඔබ හිතන්නේ හොල්මන් කියලද..හොල්මන් වෙන්න බෑ හෝම්ස් මහත්මයා ..මට හොල්මන් පේන්නේ නැහැ මම රාක්ෂ ගනේ.."
"නෑ ඔයි මම මේ කල්පනා කරේ තමුසෙගෙ ඔය බුලත්විට පිරිච්ච කට කන්න තරම් අන්ද ගෑනියෙක්වත් ඉන්නවද කියල ඒ පැත්තේ..හොල්මනක
________ටු බි කන්ටිනියුඩ්____
මෙම කතා මාලාවේ සම්පූර්ණ අයිතිය ඇඩොල්ෆ් හිට්ලර් මහතා සතු බව කරුණාවෙන් සලකන්න........කතෘ අයිතිය සුරකින්න....
No comments:
Post a Comment