Sunday, November 15, 2015

"කට කන යුවතිය "__එපිසෝඩ් 1


උදුවප් සිතල පහව යාමත් සමහ ලැබූ අලුත් අව්රුද්ද මටත් මා මිත්‍ර හෝම්ස් ටත් එතරම් විශේෂ අව්රුද්දක් නොවුයේ කලින් අව්රුද්දෙ මෙන්ම රට පුරා හොරුන්ගේ මස්තබාල්දු කම නිසා විසදීමට තරම් ගැටළු නොවූ නිසාවෙනි...අලුත් අව්රුද්දෙ පළමු දිනයේම තනමල්විල පුෂ්පේ අයියාගෙන් කල උපකාරයකට ලැබූ මල් ස්වල්පය දුන්කලයක් සමග මිශ්‍ර කලේ සිගරට්ටුවක් ගැනීමට තියා බීඩියක් ගැනීමටවත් වතක් අප ළඟ නොවූ නියාවෙනි...

උදාවී තිබු දරුණු අගහිගකමට පිලියමක් සොයමින් සිටි අපට විසදුමක මානයක් පෙනෙන්නට නොතිබුණි..නැවත මාගේ පුරුදු රස්සාවට බැසීමට මම අවසානයේ තීරණය කලෙමි..එහෙත් පොලිසියෙන් මාගේ සියලු ආම්පන්න ඔවුන්ගේ බාරයට ගත් බැවින් හා අලුතින්ම ආම්පන්න ගැනීමට මුදල් නොතිබූ බැවින් නැවතත් මා කල්පනාවට වැටුනේ අලුත් ආම්පන්න සොයාගන්නේ කෙලෙසද සිතාය..එවිටම හෝම්ස් මාගේ දැහැන බිඳ දැමුවෙමි...

"වොට්සන් මොකද කල්පනාව ?"

"බලපන් හෝම්ස් .සිගරට් එකක් ගන්නවත් සල්ලි අතේ නෑ..කාලෙකින් වැල පත්තරයක් බැලුවේ නෑ..මොනවා කරන්නද කියල හිතාගන්න බෑ "

"ඉතින් මුසලයෝ කාලකන්නිය වගේ ඉන්නේ නැතුව ආයේ පෙරන්න පටන් ගනින්.."

"කොහෙන්ද ඔයි ආයේ බුලි ගලි හොයන්නේ.."

"ඉතින් පරයෝ අර මැරිච්ච සිරිසේනගේ බඩු ටික ඇතිනේ..සොපි අක්කාගෙන් ඉල්ලගනින් ගිහින්..පොඩ්ඩක් අඟර දගර දාල පස්සට තට්ටුවක් දැම්මම ඕකි ඕන දෙයක් දෙයි.."

"ඇත්ත නේන්නම්..උබ කියනකන් මට මතක් උනේ නැනේ..දැන්ම යන්න ඕනේ ඒ ටික අරන් එන්න.."

"එක හොඳා දැන්ම පලයන් මටත් වැඩ තියනවනේ..ආ වොට්සන් යන්න කලින් අර පරණ වැල පත්තරයක් හොයල දීල පලයන්කෝ පුවක් ටිකක් කඩාගන්න.."

හෝම්ස්ට වැල පත්තර සොයා දුන් මම නිවසින් පිට වුව නොව පිටමන් කළා කිවොත් නිවැරදිය..ඒ තරමටම හෝම්ස්ට අසහනේ උග්‍ර වී තිබුණි...සොපි අක්කගේ ගෙට සේන්දු වූ මා හට දැකගත හැකි වුයේ ලබ්බට කොටු ගසාක් මෙන් ඇති ඇයගේ පස්චාත් බාගය පාරට දික් කොටගෙන යමක් බිම සොයමින් සිටින ආකාරයයි..මම ගොස් පස්සට තට්ටුවක් දැමුවේ එවිට ඈ කුඩා දරුවෙක් මෙන් හුරතල් වන නිසාය..

"ආ සොපි අක්කේ මොනාද හොයන්නේ දික් කරගෙන "
"අනේ මල්ලි මෙ හැට්ට කට්ට වැටුනනේ..මම එක හොයනවා.."

මල්ලි කීවට ඇයට මට වඩා අවරුදු 20 පමණ වදිමල්ය..එහෙත් නාකි ඇන්ටිලා තරුණයන්ට මල්ලි කීම සුලබ දෙයක් නිසා මමද කට වසාගෙන සිටියේමි..

අවසානයේදී ඇය මාගේ ඉල්ලීමට කැමති වී ආම්ම්පන්න මා හට ලබා දුනිමි..සියලු ආම්පන්න ත්රිවිලරයක බහාගත් මා අපගේ නිවහන වෙත ගමන් කලෙමි..
සියලුම දෑ නිවසේ පිටුපසට ගෙනගොස් හැංගු මා කඩිනමින් නිවසේ උඩු මහලට ඇදුනේ සැරටම සෙට් වී තිබු බොක බර නිදහස් කර ගැනීමටය..
නිවසේ දොරින් ඇතුලට වත්ම මා දුටුවේ යම් කිසි පුද්ගලයෙක් සමග හෝම්ස් සාකච්චා කරන ආකාරයයි..
දවසක් මුත්‍රා බර හිරකරගෙන සිට එය නිදහස් කරන මිනිසෙකුට මෙන් මටද සතුටක් දැනුනේ නැවතත් ගතමන්ට් එකක් ලබාගත හැකි වේ යන සිතුවිල්ල සිතෙහි පැන නැගුනු නිසාය...

_________ටු බි කන්ටිනියුඩ් ________


මෙම කතා මාලාවේ සම්පූර්ණ අයිතිය ඇඩොල්ෆ් හිට්ලර් මහතා සතු බව කරුණාවෙන් සලකන්න........කතෘ අයිතිය සුරකින්න....

No comments:

Post a Comment