Tuesday, September 1, 2015

+++++++මිදුමේ ආ දුෂකයා +++++++ තුන්වන කොටස 03

එහෙනම් අපි යමු සිරිපාලයා හම්බෙන්න වොට්සන් කියා සිටියේය , උබ පන්දිතාය නොවී ඉදපන් මමමේ මෙතන ප්‍රශ්නේ විසදන්නේ හෝම්ස් මැද්දෙන් පැන්නේය . ගමන් මහන්සිය එක්ක මේවා කරන්න අමාරුයි අපි හෙට මේක බලමු අද අපිට ඉන්න තැනක් තියෙනවද ... ටානියා හඩ අවදි කරේ මේ වේලාවේය හෝම්ස් මහතමයාට මගේ කාම්බරේට අල්ලපු එක සුදානම් කරා වොට්සන් මහතමයාට අම්මගේ කාමරේට අල්ලපු කාමරේ සුදානම් කරා .... මේ වෙලාවේ හෝම්ස් මහා හයියෙන් හිනාවෙන්න විය ....... වොට්සන් මහත්තයලු උබට ... හිකෙයි කිව්වලු ..... 
අවුලක් නැහැ අවුලක් නැහැ හිනාව සගවාගමින් හෝම්ස් කිවේය ... තම කාම්බරය වෙත ගිය හෝම්ස් තම යාලුවා වූ මාතර වෙසෙන ජේෆා හට කෝල් එකක් ගත්තේය 
අඩෝ මොකෝ වෙන්නේ අපි මාතර බන් ඉන්නේ හෝම්ස් කිවේය 
නෑ එහෙනම් වරෙන් ගුලියක්වත් දාමු 
හෙට පොලිසියට යනවා පොඩි සින් එකකට ඒ ගමන් එන්නම් ගුලි දෙකක් අරන් තියහන් මම එක්ක වොට්සානයත් එනවනේ පස්සෙන්ම නැට්ට වගේ 
එල එල වරෙන්කො ආතල් එකක් දාමු 
සුර්යාගේ පිබිදීමත් සමගම හෝම්ස් තම කොට් එකද දමාගෙන වොට්සන් කැදවාගෙන පොලිසිය වෙත පිවිසිය ... පොලිසියේ සිටි කොස්තාපල් ඇතුළුව සියලුම දෙනා හෝම්ස් දෙස බලා සිනාසෙන්න විය පොලිසියේ පැමිණිලි බාරගන්නා ඉස්තානයට ගිය ඔහු ටානියාගේ පැමිණිල්ල ගැන විමසන්න විය එහෙත් තැන සිටි පොලිස්කාරයා උත්තර දීම පසෙක තබා හිනාවෙන්න විය ......
හෝම්ස් මෙයට හේතුව කුමක්ද යයි පොලිස් නිලදාරියාගෙන් ඇසුවිට ඔහුට ලැබුණු උත්තරයෙන් ඔහු අන්ද මන්ද විය .......
ගවුමක් වගේ දිග කබායක් දාගෙන කලිසමේ සිප් එකත් ඇරගෙන බෝම්බයිමොටයි විකුණන එකෙක්වගේ තොප්පියකුත් දාගෙන තමුසේ පොලිසියට එනකොට හිනායන්නේ නැද්ද ඔයි .... මෙය පොලිස් බටයාගේ පිළිතුර විය .... 
පොලිසියේ පැමිණිල්ල පිලිබදව දැනගැනීම පසෙක තබා හෝම්ස් එතනින් පිටව ගොස් ජෙෆා හමුවී ගුලියද දමා නැවතත් ටානියාගේ නිවසට පැමිණියේය .... 
ටානියා කැදවා හෝම්ස් තමාට අපරාදය උ ස්ථානය පෙන්වන මෙන් කියා සිටිය .... අපරාදයක් උනේ නැහැනේ මාව දුසනේ නේ කරේ ටානියා කියා සිටියේය .... ගුලි ආතල් එකේ ඉදපු හෝම්ස් හිනාවෙන්න විය .... ටානියා හොම්ස්ද කැටුව ලිද ලගට යන්න විය ....
මෙතන තමා මහත්මයා මට අන්තිමටම මතක ......... ටානියා හෝම්ස් දෙස බලා සුසුමක් හෙලමින් පැවසිය .....
හෝම්ස් තම සාක්කුවෙන් පොඩි ඒවා ලොකුකරලා බලන කන්නාඩිය ගෙන බිම පරික්ශාකරන්න විය .... පරීක්ෂාකරන ගමන් ඔහු ටානියාගෙන් සිරිපාල ගැන විමසන්න විය 
ටානියාගේ පිළිතුර ලෙස ඇය මෙසේ කියා සිටියේය ............ සිරිපාලයා හෙන කුකුලා එහාගෙදර දයාවතී එක්කත් හුටපටයක් තියනවා ගේ ඇතුලට ගිහින් දොර වහගන්නවා ටික වෙලාවකින් එලියට එනවා කවුරුත් ඉන්නවද බලලලා තමා ගෙදරින් එලියට යන්නෙත් තියාගෙන ගහන සින් එකක් යන්නේ මම හිතන්නේ .......
අපි පොඩ්ඩක් සිරිපාලා හම්බෙන්න යමු හෝම්ස් කියා සිටියේය ....................
මතු සම්බන්දයි .......................

No comments:

Post a Comment