Tuesday, September 1, 2015

+++++++මිදුමේ ආ දුෂකයා +++++++ දෙවන කොටස 02

ඔබට කාව හරි සැකයේ ද මේ සම්බන්දයෙන් හෝම්ස් ඇසුවේය ........ මට එහෙමම කියන්න බැහැ මහත්මයා මොකද ගෙවල් පැත්තේ නගින්නේ නැති නාකියාගේ ඉදන් මට ලයින් දානවා ඒ නිසා මට හිතාගන්න බැහැ කවුරු මේක කරාද කියලා ඒ වුනාට මේකට වරදකාරයා හොයලා අනිවාරයෙන් දඩුවන් දෙන්න ඕනේ ..... අනිවාර්යෙන් අනිවාර්යෙන් වොට්සන් කියා සිටියේය .... 
වොට්සන් අපි දෙන්නට මාතර යන්න කෝච්චියට ටිකට් වෙන් කරහන් .... හෝම්ස් කියා සිටියේය පලවෙනි පන්තියද දෙවැනි එකද තෙවැනි එකද හෝම්ස් වොට්සන් අසා සිටියේය . කවදාවත් අපි පලවෙනි දෙවැනි එකේ ගිහින් තියනවද බන් සිගරට් එකක් ගහගෙන ආතල් එකේ යන්න තුන්වෙනි එකෙන් බුක් කරහන් ... 
එහෙනම් ඔබ තුමියව අපි සවස් යාමයේදී මුනගැසෙන්නම් .... එසේ කියූ හෝම්ස් ඇයට සමුදෙන්නට දොර දක්වා ඇරලුවේය . ඇරලවා නැවත කාමරයට පැමිණි ඔහු තම මතකයන් සයුරේ ගිලෙන්නට විය . වොට්සන් පැමිණ එයට බාදා කරන්න විය . අඩෝ වාසගම දුන්නත් මොකද පට්ට කැල්ල නේද හෝම්ස් ඔව් ඔයි මමත් මේ එකමයි හිත හිත උන්නේ ...
සවස 3.15 වනවිට හෝම්ස් සුදු මල්ලිගේ වීල් එකට කෝල් එකක් දමා ගෙන්වාගෙන වොට්සන් සමග කොටුව දුම්රිය පල දක්වා පිටවගියේය .. 3.45 පැමිණි කන්‍යාකුමාරි දුම්රියෙන් මාතර දක්වා පිටව ගියේය .... 
දුම්රිය පොලෙන් බැස තවත් ත්‍රිවිල් එකින් ටානියාගේ නිවාස වෙත ඔවුන් පිවිසුණේය . ටානියා සාදරයෙන් ඔවුන් පිළිගත්තේය ටානියාගේ මවගෙන් හෝම්ස් ප්‍රශ්න කිරීමට පටන්ගත්තේය .
මේ සිද්දිය වෙන් අවස්ථාවේ ඔයා කොහෙද හිටියේ ඇන්ටි ....... හෝම්ස් ඇසුවේය ඇන්ටි කාටද යකෝ ඇන්ටි කිව්වේ ටානියාගේ මව ඇසුවේය ආ සොරි සොරි ඇන්ටි නෙවේ අක්කා .. හෝම්ස් නිවැරදි කරේය ... මම කඩේ ගිහින් හිටියේ කඩේ ඉන්න මුදලාලි එක්ක කයියක් ගහගෙන හිටියා . ටිකක් වෙලා ඉදලා එනකොට බොහොම ගණ මීදුමක් තිබුනා . මම ඇවිලා ටානියාව හෙව්වා එතකොට මම දැක්කා ටානියා නිදාගෙන හිටියා මම වැඩිය ගණන්ගත්තෙ නැහැ එයා හැම වෙලාවේම නිදියන නිසා එත් හවස කෑම හදලා මම කතාකරන්න ගියා ටානියට එතකොට තමා මම දැක්කේ ඇදෙ හැම තැනම ලේ ගෑවිලා තිබුනා මම මම බයවුනා සියදිවි නසාගෙන කියලා ඒ නිසා මම කැ ගැහුවා ....... හෝ හෝ හෝ ඇයි ටානියා සියදිවි නසාගන්නේ හෝම්ස් බාදා කරන්න විය ... මොකද මම ටානියාගේ පෙමට විරුද්දවුණු නිසා මහත්මයා . ටානියාගේ මව කියා සිටින්න විය ..... 
ඇයි ඔබ ඒ පෙමට විරුද්ද හෝම්ස් නැවතත් අහන විය . ටානියා යාළුවෙලා හිටියේ ගෙවල් පැත්තේ ඉන්න කුඩුකාරයෙක් එක්ක මහත්මයා . බොහොමයක් මිනීමැරුම් චෝදනා ඔහුට එල්ලවෙලා තිබුනා . පාතාලේ රජ කෙනෙක් ඔහු ඒ නිසා මම ඒ සම්බන්දෙට විරුද්ද උනා මහත්මයා ....... 
හොදයි දිගටම කියන්න ඔබ බිය උනාට පස්සේ මොකද උනේ මම කෑ ගැහුවා වටපිටාවේ මිනිස්සු ඇවිල්ලා ටානියාව ඉස්පිරිතාලේ එක්කයන්න උදවු වුනා ඉන් පස්සේ තමා මේ වින්නැහිය දැනගත්තේ ....
ඔබලා මේ ගැන පොලිසියට ගියාද .... ඔව් මහත්මයා එහාගෙදර ඉන්න සිරිපාල යි මමයි පොලිසියට ගිහින් පැමිණිලි කරා මේ ගැන .............. 
එහෙනම් පි පොලිසියට ගිහිල්ලා බලමු හෝම්ස් කිවේය 
මතු සම්බන්දයි ........................

No comments:

Post a Comment