Thursday, July 21, 2016

කෞතුකාගාරයේ මංකොල්ලය ~~ එපිසෝඩ් 3

හොල්මන දැකීමෙන් බියට පත්වූ අප දෙදෙනා මද දුරක් දිවගොස් නතර වන්නට උනි.මදක් හති ඇරීමෙන් පසු නැවතත් අප දෙදෙනා කෞතුකාගාරය පරික්ෂා කිරීමට යාමට සිත් එකඟ කරගත්තෙමු.
"වොට්සන් අපි හෙමිට පරික්ෂා කරගෙන ඉස්සරහට යමු"
හෝම්ස්ගේ නියමයෙන් අප දෙදෙනා ඉදිරියට ඇදෙන්නට වුනි.මද දුරක් ගියපු පසු අපට ලංකාවේ රජ කල ශ්‍රේෂ්ට රජෙකුගේ කෞථුක බාන්ඩ කිහිපයක් නෙත ගැටුණි.
"හෝම්ස් මොකද්ද මේ මෙතන තියෙන පොඩි කඩුවයි ලොකු කඩුවයි දෙකක් ?"
"මේ තියෙන්නේ පරාක්‍රමබාහු රජතුමාගේ බඩු.ඒ ඇවිල්ල වොට්සන් රජතුමාගේ පොඩිකාලේ කඩුවයි ලොකුකාලේ කඩුවයි."
"එතකොට හෝම්ස් මේ මොකද්ද පොඩි ඔටුන්නයි ලොකු ඔටුන්නයි දෙකක් තියෙන්නේ?"
"ඒ තියෙන්නේ වොට්සන් රජතුමාගේ පොඩි කාලේ ඔටුන්නයි ලොකු කාලේ ඔටුන්නයිනේ."
"එතකොට මොකද්ද මේ පොඩි සපත්තු ජෝඩුවයි ලොකු සපත්තු ජෝඩුවයි දෙකක් තියෙන්නේ?"
"අනේ අනේ ගොන් ලබ්බෝ.ඒ තියෙන්නේ පොඩි කාලේ සපත්තු දෙකයි ලොකු කාලේ සපත්තු දෙකයිනේ."
"එතකොට හෝම්ස් මොකද්ද මේ පොඩි මිනි ඔලුවකුයි ලොකු මිනි ඔලුවකුයි තියෙන්නේ?"
"යකෝ ඒ ඇවිල්ල රජතුමාගේ පොඩි කාලේ හිස් කබලයි ලොකු කාලේ හිස් කබලයිනේ මෝඩයෝ."
"හ්ම්ම් එකත් එහෙමද.අපි යමුකෝ බලන්න ඉස්සරහට හෙමින්."
හෝම්ස් බිම පරික්ෂා කරමින් ඉදිරියටම ඇදෙන්නට වුනි.එක්වරම දැඩිදුර්ගන්දයක් හමායන්නට වුනි..
"හෝම්ස්...හෝම්ස්..මොකද්ද ඒ එන හෙන පුළුටු ගඳ?නගරසබාවේ කුණුටැට්ටරේ අපේ ඉස්සරහින් යනවා වගේනේ,"
"ආ එක ගණන් ගන්න එපා වොට්සන් හවස කාපු කොත්තුව පොඩ්ඩක් අවුල් උනා.මගේ බඩ පොඩ්ඩක් අවුල්.එකයි ඔය පොඩි ගඳක් එන්නේ"
"පොඩි ගඳක්?යකෝ මේක පොඩි වෙන්නේ කොහොමද බලපන් තොට රෙවිලද කියල"
කෙමෙන් කෙමෙන් අප ඉදිරියට ඇදුනි.
එක්වරම මාගේ කකුලේ යමක් පැටලී මහා හඬින් යමක් බිදී ගියේය
"මොකද්ද වොට්සන් තෝ කරපු අලුගුත්තේරු වැඩේ?මේක වටිනා කෞථුක බාන්ඩයක්.බලහන් මේ කලේ අපරාදෙනේ."
"දෙයියනේ හෝම්ස් අපි දැන් මොකද කරන්නේ.දෙයියනේ ..."
මාගේ නෙතගින් කඳුළු වැටෙන්නට වුනි.
"මේක මේ අවුරුදු 300විතර පරණ වටිනා කෞථුක බාන්ඩයක්.බලන්න මේ අපරාදේ"
"ආ පරණ එකක්ද..මන් මේ හිතුව අලුත් එකක් කියල.එහෙනම් අවුලක් නැනේ"
"අවුලක් නෑ?මෙන්න මෙහෙ වරෙන් යන්න ගස් ගෝනා"
එක්වරම ඉදිරියටගිය හෝම්ස් ඉකිගසන්නට වුනි.
"හෝම්ස් හෝම්ස් මොකද ඔය අඩන්නේ?දෙයියනේ හෝම්ස් අයි?"
"බලන්න වොට්සන් මේ පිළිමේ දිහා..අපේ සියා වගේමයි.මට අපේ සියව මතක් උනා"
"ඔය කොහොමද යකෝ තොපේ සියා වෙන්නේ?ඔය ඉන්නේ පලවෙනි පරාක්‍රමභාහු රජතුමාගේ පිළිමේ."
"එතකොට වොට්සන් ඔය රජවරු ඒ කාලේ රේස් තිබ්බද?"
"ඒ ඇයි?"
"ඇයි පලවෙනි පරාක්‍රමබාහු දෙවන පරාක්‍රමබාහු,පලවෙනි විජයබාහු දෙවැනි විජයබාහු කියල නම් තිබ්බේ රේස්තියල නෙමේද?"
"අනේ මේ ලබ්බක් කතා නොකර වරෙන් යන්න හෝම්ස්.
"වොට්සන් වොට්සන් අර බලන්න නැතිවුණු කඩු ටිකයි හෙළි ටිකයි තිබුණු තැන"

______________ටු බි කන්ටිනියුඩ් _______________________
හොඳනම් කමන්ට් එකක් දාගෙන යන්න වස්තුලා

Hot girls

kiki emoticon

Sunday, January 10, 2016

කෞතුකාගාරයේ මංකොල්ලය ~~ එපිසෝඩ් 4


"ඔව්මයි හෝම්ස්"
අප දෙදෙනා එම ස්ථානයට ගොස් ඒ අසල පරික්ෂා කිරීමට පටන් ගතිමු.
"දැන් මොනවද හෝම්ස් මේකේ නැතිවෙලා තියෙන්නේ?"
"වොට්සන් මෙතන නැතිවෙලා තියෙන්නේ රාජකීය හෙළි ටිකකුයි රාජකීය කඩු ටිකකුයි රත්තරන් කාසි ටිකකුයි "
"හොඳයි හෝම්ස් අනිවාර්යෙන්ම හොරා මෙතන සාක්ෂියක් ඉතුරු කරලා යන්නම ඇති "
"ඔව් අපි බලමු වොට්සන් "
සාක්කුවේ රැඳී තම උත්තල කාචය අතටගත් හෝම්ස් එයින් සිහින්ව පොලව පරික්ෂා කිරීමට පටන් ගත්තේය.
"වොට්සන් මෙතන සිහින් කුඩු වැනි යමක් තියනවා "
එයින් ස්වල්පයක් ඇඟිලි තුඩට ගත් හෝම්ස් එය දිවෙහි ගා බැලුවේය
"මේක ටිකක් මෘදුයි වගේ වොට්සන්.අමුතු රහකුත් තියනවා.මන් හිතන්නේ රැජිනකගේ පවුඩර් එකක්ද කොහෙද "
මාද එයින් ස්වල්පයක් අරන් අතගා බැලුවේය
"යකෝ ලබ්බෝ මේ සිමෙන්තිනේ "
"ඈ සිමෙන්තිද?හුකයි දාල.බලන්න වොට්සන් මේ සිමෙන්ති කුඩු උඩින් කීප දෙනෙක් ඇවිත් ගිහින් තියනවා . "
"දෙයියන්ට ඔප්පුවෙච්චවේ හෝම්ස් ඔව් නේන්නම්."
තම කාචයෙන් සියුම්ව බිම පරික්ෂා කල හෝම්ස්ගේ මුවග රැඳුනු සිනහවෙන් මා තේරුම් ගත්තේ ඔහුට හෝඩුවාවක් හසු වී ඇති බවයි
"වොට්සන් එන්න මගේ පස්සෙන්.මේ සිමෙන්ති පාගපු අයගේ අඩි සටහන් සියුම්ව මේ පොළොවේ තියනවා."
සිමෙන්ති පාගාගත් සොරුන් ගමන් ගත මාර්ගය කෞතුකාගාරයේ දොරක් වෙත ගොස් එතනින් එළියටත් තිබුණි.
"මෙතනින් සිමෙන්ති පාර ඉවරයිනේ වොට්සන් ?"
"සිමෙන්ති පාර ඉවර උනාට ඔය තියෙන්නේ බන් ලස්සන ගුරු පාරක් "
"හෑබෑමයි නේන්නම් මේ තියෙන්නේ ලස්සනට.අර කෙලවරේ තියෙන්නේ මොකද්ද වොට්සන්?අපි ගිහින් බලමු ඒ දෙසට "
අප දෙදෙනා ගුරුපාර කෙලවරේ ඇති ඉදිකෙරෙමින් පවතින ගොඩනැගිල්ලක් වැනි යමක් අසලට පැමිණුනි.
"වොට්සන් මේ හදන්නේ ලැට් එකක් නේද ?"
"හැබෑමයිනේ හෝම්ස් මේ කක්කුස්සියක් තමයි "
"හ්ම්ම්..මේ වැසිකිලිය හදන අයයි මේ බාන්ඩ මන්කොල්ලෙයි අතරේ මොකක්හරි සම්බන්දයක් තියනවා වොට්සන් "
"මේ බලන්න හෝම්ස් රජකාලේ බිඩි තියනවා මෙතන "
"මොනවා රජකාලේ බිඩි?"
"ඔව් මේ රජ්ජුරුවෝ බීපු බිඩි කොටත් මුන් උස්සල "
"රජ්ජුරුවෝ බිව්වේ පයිප්ප බන්.නැතුව මේ අපි උබල වගේ බිඩිය දෙකට කඩාගෙන ගැහුවේ නෑ "
වැසිකිලිය අසලට ගොස් පරික්ෂා කල හෝම්ස් මවිතයෙන් කෑ ගසන්නට වුනි.
"හෙනගහල අකුලෝලම පල වොට්සන් මේ තියෙන්නේ නැතිවුණු හෙළි ටිකයි කඩු ටිකයි මුන් මේකේ සැටලිමේ මුක්කු වලට ගහල "
"දෙයිහාන්දුරුවනේ හැබෑමයිනේ හෝම්ස් මුන් සැටලිමට කණු මදිවෙලා ඒ වෙනුවට නේද මේ රාජකීය කඩුයි හෙලියි අරන් තියෙන්නේ .එතකොට හෝම්ස් නැතිවුණු රත්තරන් කාසි ටිකට මොකද උනේ ?"
"මේක වටේට තියන බිඩි කොට ටික දැක්කම උබට එක තේරෙන්නේ නැද්ද මා මිත්‍ර ගොන් ලබ්බෝ ?උන් ඒ කාසි වලින් බිඩි බිලා "
___________________දී එන්ඩ් ____________________
කතාව හොඳද කියල පලයල්ලා තව එකක් ලියන්න බලන්න colonthree emoticon

Friday, January 8, 2016

කෞතුකාගාරයේ මංකොල්ලය ~~ එපිසෝඩ් 2

එදින රාත්‍රියේ මා මල්වත්ත විදියේ නිවසට යන විට හෝම්ස් හැඳ පැළඳගෙන කෞතුකාගාරය පරික්ෂා කිරීමට යාමට සුදානම් වී සිටියේය.
"හෝම්ස් ඔබට මොනවද කියන්න පුළුවන් දැන් මන් ගැන ම්ම්ම්.."
"ම්ම්..වොට්සන් මට කියන්න පුළුවන් ඔබ දැන් එනවිට හන්දියේ නානගේ සයිවර් කඩෙන් කිරි මාලුයි ඉදිආප්පයි කාල තියනවා."
"හැමිනෙන්න හෝම්ස් ඔබ කොහොමද හරියටම කිව්වේ ?ඔබට දිවස් තියනවද?"
"මට ඇති දිවසක් නෑ ඔයි මට බඩගිනි වෙලා පහල ටිකිර කොලුවා කඩේට යැව්වා ඉදිආප්පයි කිරි මාලුයි ගෙන්නගන්න.මුදලාලිය කියල උට උබ ගිහින් මල පෙරේතය වගේ ඔක්කොම කාල දමල ගියා කියල.තමුසේ මේ රෙද්දක් කතා කරනවා.හරි හරි අපි දැන් යමුකෝ අපේ පරික්ෂනෙට."
අප කෞතුකාගාරය අසලට යන විට වෙලාව රාත්‍රී 11 පමණ වුනි කිසිවෙක්ට නොදැනෙන්න තාප්පෙන් කෞතුකාගාරය තුලට ඇතුළු වූ අප එහි අබ්යන්තරයටම ගමන් ගතිමු.කෙමෙක් කෙමෙක් අඳුරු මුසල ගතියක් කෞතුකාගාරය තුලින් දැනෙන්නට වුනි.ගත සිත වෙවුලා සියොළඟ සිතල වෙනු මට දැනුනි..මා හඬ විවර කළේය..
"හෝම්ස්..මේ මේ මේකේ හොල්මන් තියනවද දන්නේ නෑ බන්..බලහන්කො මුස්පේත්තු පාට මේකේ.."
"විකාර නොකිය හෙමින් වරෙන් බන් අපිට වැඩිය හොල්මන් කොහෙද මේකේ"
මද දුරක් රාජකීය බාන්ඩ පරික්ෂා කරමින් අප ඇවිද ගියේය.
මද දුරක් ඇවිද ගිය පසු එක්වරම අප හිස අසලින් වවුලෙක් තටු ගසමින් ඉගිල ගියේය.එක්වරම හෝම්ස් කලබල වුනි.
"වොට්සන් මොකෙද්ද ඒ සතා?"
"ඒ වවුලෙක් හෝම්ස්"
"වොට්සාන්ට හොඳටම සුවර්ද ඒ වවුලෙක් කියල?වැම්පයර් කෙනෙක් නෙමෙයිනේ?"
"අම්පයර්ල කොහෙද බන් මේක ඇතුලේ හෝම්ස්?මේකේ මැච් එකක් නැනේ."
"අම්පයර්ල නෙමේ පුසෝ වම්පයර්ල..අර ලේ බොන උන්"
එක්වරම රාජකීය පුටුවක් අසල මහල්ලෙක් සිටිනු දක්නට ලැබුණි.මගේ සියොළඟ වෙවුලා ගියේය.හෝම්ස් මුවවිවර කළේය.
"මේ මේ මාමේ"
එවිට ගොරෝසු කටහඩකින් ඔහු මුව විවර කළේය..
"ඇයි පුතාල"
"මේ මේ මේකේ හොල්මන් ඉන්නවද මාමේ?"
"අනේ මොන හොල්මන්ද පුතේ දැන් මන් මේකේ අවුරුදු 300 විතර තිස්සේ ඉන්නේ.මන් දැකපු හොල්මනක් නෑ "
"හෑ...බුදු අම්මෝ...."

______ ටු බි කන්ටිනියුඩ් ____________

හොඳනම් කමන්ට් එකක් දාගෙන යන්න වස්තුලා 

Wednesday, January 6, 2016

කෞතුකාගාරයේ මංකොල්ලය ~~ එපිසෝඩ් 1

උදේ සිට ඇදහැලෙන සිහින් පොද වැස්ස නිසා පරිසරයේ තිබුනේ අඳුරු බවකි.හෝම්ස් තම සුරුට්ටුවෙන් දුම් වළලු යවමින් සිටියේය.එක්වරම ඔහු හඬ අවදි කළේය.
"වොට්සන් පොඩ්ඩක් හයියෙන් කියවපන්කෝ බන් ඔය පත්තරේ හෙඩ්ලයින් ටික "
එවිට මා ලංකාදීප පුවත්වත රැගෙන කියවන්නට උනි.
" *එන්රික්ට මොකටද බෙසියර් එකක්?උට ඕන බොක්සර් ජොකෙක් නේද?- ඇමති දයාසිරි ජයසේකර,
*විල්පත්තුව වගේද ඔයි බ්‍රා එක?-මයිත්රිපාල සිරිසේන "
" වැඩක් නෑ වොට්සන් නවත්තාපන් ඕක.වැඩක් නෑ උන්ට නෙමේ බෙසියර් අන්දන්න තිබුනේ මේ රටේ ජනාදිපතියට,වොට්සන් බලන්න අපිට අමුත්තෙක් එනවා වගේ "
හෝම්ස් එසේ පවසා සැනෙකින් යමෙක් අපගේ නිවසේ තරප්පුව නගින හඬ ඇසුනි.
ටක්...ටක්..ටක්...
"ඇතුලට එන්න මහත්මයා "
හෝම්ස්ගේ නියමයෙන් ඔහු අපගේ විසිත්ත කාමරයට වැදුනි.බැලු බැල්මට කැරි කාපු රිලවෙක් මෙන් අසරණ වී සිටි අපහසුවෙන් අබරෙමින් සිට අමුත්තා නළලේ දහදිය පිස දමා කතාවට මුල පිරුවේය
"හෝම්ස් මහත්තයෝ.අනේ මහත්තයෝ හෙන ගහල අකුලොල යන විනාසයක් වෙලා තියෙන්නේ.අනේ දෙයියනේ මේක විසදලා දෙන්න බුදු මහත්තයෝ "
"හොඳයි මහත්මයා තටමන්නේ නැතුව විස්තරේ කිව්වොත් අපිට පුළුවන් උදවු කරන්න.මොකද ඔබ තටමන විදියට තව ටිකකින් ඔබට මෙතනම රෙවෙයි."
"අනේ මහත්තයෝ මන් වැඩ කරන්නේ කෞතුකාගාරයේ සිකුරුටි විදියට.දැන් ටික දවසකට කලින් මොකෙක්හරි එකේ තිබුණු බඩු වගයක් උස්සල හත්දෙයියනේ."
"බඩු වගයක් කියන්නේ රජවරුන්ගේ බඩුද ?නැත්නම් ඔකේ මහත්තුරුන්ගේ බඩුද ?"
"අනේ නෑ හෝම්ස් මහත්තයෝ උන් අරන් තියෙන්නේ කඩු ටිකකුයි හෙළි ටිකකුයි රත්තරන් කාසි ටිකකුයි."
එවිට මදක් කල්පනාවේ නිමග්නව සිටි හෝම්ස් නැවත හඬ අවදි කළේය.
"හ්ම් හොදයි මහත්මයා මට ඒ තැන නිරීක්ෂණය කරන්නේ නැතුව නිගමනේකට එන්න අමාරුයි.අද රෑට අපි ඒ ස්ථානය පරික්ෂා කරන්න එන්නම්."

_____________ටු බි කන්ටිනියුඩ් __________

හොඳනම් කමන්ට් එකක් දාගෙන යන්න වස්තුලා