එදින රාත්‍රියේ මා මල්වත්ත විදියේ නිවසට යන විට හෝම්ස් හැඳ පැළඳගෙන කෞතුකාගාරය පරික්ෂා කිරීමට යාමට සුදානම් වී සිටියේය.
"හෝම්ස් ඔබට මොනවද කියන්න පුළුවන් දැන් මන් ගැන ම්ම්ම්.."
"ම්ම්..වොට්සන් මට කියන්න පුළුවන් ඔබ දැන් එනවිට හන්දියේ නානගේ සයිවර් කඩෙන් කිරි මාලුයි ඉදිආප්පයි කාල තියනවා."
"හැමිනෙන්න හෝම්ස් ඔබ කොහොමද හරියටම කිව්වේ ?ඔබට දිවස් තියනවද?"
"මට ඇති දිවසක් නෑ ඔයි මට බඩගිනි වෙලා පහල ටිකිර කොලුවා කඩේට යැව්වා ඉදිආප්පයි කිරි මාලුයි ගෙන්නගන්න.මුදලාලිය කියල උට උබ ගිහින් මල පෙරේතය වගේ ඔක්කොම කාල දමල ගියා කියල.තමුසේ මේ රෙද්දක් කතා කරනවා.හරි හරි අපි දැන් යමුකෝ අපේ පරික්ෂනෙට."
අප කෞතුකාගාරය අසලට යන විට වෙලාව රාත්‍රී 11 පමණ වුනි කිසිවෙක්ට නොදැනෙන්න තාප්පෙන් කෞතුකාගාරය තුලට ඇතුළු වූ අප එහි අබ්යන්තරයටම ගමන් ගතිමු.කෙමෙක් කෙමෙක් අඳුරු මුසල ගතියක් කෞතුකාගාරය තුලින් දැනෙන්නට වුනි.ගත සිත වෙවුලා සියොළඟ සිතල වෙනු මට දැනුනි..මා හඬ විවර කළේය..
"හෝම්ස්..මේ මේ මේකේ හොල්මන් තියනවද දන්නේ නෑ බන්..බලහන්කො මුස්පේත්තු පාට මේකේ.."
"විකාර නොකිය හෙමින් වරෙන් බන් අපිට වැඩිය හොල්මන් කොහෙද මේකේ"
මද දුරක් රාජකීය බාන්ඩ පරික්ෂා කරමින් අප ඇවිද ගියේය.
මද දුරක් ඇවිද ගිය පසු එක්වරම අප හිස අසලින් වවුලෙක් තටු ගසමින් ඉගිල ගියේය.එක්වරම හෝම්ස් කලබල වුනි.
මද දුරක් ඇවිද ගිය පසු එක්වරම අප හිස අසලින් වවුලෙක් තටු ගසමින් ඉගිල ගියේය.එක්වරම හෝම්ස් කලබල වුනි.
"වොට්සන් මොකෙද්ද ඒ සතා?"
"ඒ වවුලෙක් හෝම්ස්"
"වොට්සාන්ට හොඳටම සුවර්ද ඒ වවුලෙක් කියල?වැම්පයර් කෙනෙක් නෙමෙයිනේ?"
"අම්පයර්ල කොහෙද බන් මේක ඇතුලේ හෝම්ස්?මේකේ මැච් එකක් නැනේ."
"අම්පයර්ල නෙමේ පුසෝ වම්පයර්ල..අර ලේ බොන උන්"
එක්වරම රාජකීය පුටුවක් අසල මහල්ලෙක් සිටිනු දක්නට ලැබුණි.මගේ සියොළඟ වෙවුලා ගියේය.හෝම්ස් මුවවිවර කළේය.
"මේ මේ මාමේ"
එවිට ගොරෝසු කටහඩකින් ඔහු මුව විවර කළේය..
එවිට ගොරෝසු කටහඩකින් ඔහු මුව විවර කළේය..
"ඇයි පුතාල"
"මේ මේ මේකේ හොල්මන් ඉන්නවද මාමේ?"
"අනේ මොන හොල්මන්ද පුතේ දැන් මන් මේකේ අවුරුදු 300 විතර තිස්සේ ඉන්නේ.මන් දැකපු හොල්මනක් නෑ "
"හෑ...බුදු අම්මෝ...."
______ ටු බි කන්ටිනියුඩ් ____________
හොඳනම් කමන්ට් එකක් දාගෙන යන්න වස්තුලා
No comments:
Post a Comment