හොල්මන දැකීමෙන් බියට පත්වූ අප දෙදෙනා මද දුරක් දිවගොස් නතර වන්නට උනි.මදක් හති ඇරීමෙන් පසු නැවතත් අප දෙදෙනා කෞතුකාගාරය පරික්ෂා කිරීමට යාමට සිත් එකඟ කරගත්තෙමු.
"වොට්සන් අපි හෙමිට පරික්ෂා කරගෙන ඉස්සරහට යමු"
හෝම්ස්ගේ නියමයෙන් අප දෙදෙනා ඉදිරියට ඇදෙන්නට වුනි.මද දුරක් ගියපු පසු අපට ලංකාවේ රජ කල ශ්‍රේෂ්ට රජෙකුගේ කෞථුක බාන්ඩ කිහිපයක් නෙත ගැටුණි.
හෝම්ස්ගේ නියමයෙන් අප දෙදෙනා ඉදිරියට ඇදෙන්නට වුනි.මද දුරක් ගියපු පසු අපට ලංකාවේ රජ කල ශ්‍රේෂ්ට රජෙකුගේ කෞථුක බාන්ඩ කිහිපයක් නෙත ගැටුණි.
"හෝම්ස් මොකද්ද මේ මෙතන තියෙන පොඩි කඩුවයි ලොකු කඩුවයි දෙකක් ?"
"මේ තියෙන්නේ පරාක්‍රමබාහු රජතුමාගේ බඩු.ඒ ඇවිල්ල වොට්සන් රජතුමාගේ පොඩිකාලේ කඩුවයි ලොකුකාලේ කඩුවයි."
"එතකොට හෝම්ස් මේ මොකද්ද පොඩි ඔටුන්නයි ලොකු ඔටුන්නයි දෙකක් තියෙන්නේ?"
"ඒ තියෙන්නේ වොට්සන් රජතුමාගේ පොඩි කාලේ ඔටුන්නයි ලොකු කාලේ ඔටුන්නයිනේ."
"එතකොට මොකද්ද මේ පොඩි සපත්තු ජෝඩුවයි ලොකු සපත්තු ජෝඩුවයි දෙකක් තියෙන්නේ?"
"අනේ අනේ ගොන් ලබ්බෝ.ඒ තියෙන්නේ පොඩි කාලේ සපත්තු දෙකයි ලොකු කාලේ සපත්තු දෙකයිනේ."
"එතකොට හෝම්ස් මොකද්ද මේ පොඩි මිනි ඔලුවකුයි ලොකු මිනි ඔලුවකුයි තියෙන්නේ?"
"යකෝ ඒ ඇවිල්ල රජතුමාගේ පොඩි කාලේ හිස් කබලයි ලොකු කාලේ හිස් කබලයිනේ මෝඩයෝ."
"හ්ම්ම් එකත් එහෙමද.අපි යමුකෝ බලන්න ඉස්සරහට හෙමින්."
හෝම්ස් බිම පරික්ෂා කරමින් ඉදිරියටම ඇදෙන්නට වුනි.එක්වරම දැඩිදුර්ගන්දයක් හමායන්නට වුනි..
හෝම්ස් බිම පරික්ෂා කරමින් ඉදිරියටම ඇදෙන්නට වුනි.එක්වරම දැඩිදුර්ගන්දයක් හමායන්නට වුනි..
"හෝම්ස්...හෝම්ස්..මොකද්ද ඒ එන හෙන පුළුටු ගඳ?නගරසබාවේ කුණුටැට්ටරේ අපේ ඉස්සරහින් යනවා වගේනේ,"
"ආ එක ගණන් ගන්න එපා වොට්සන් හවස කාපු කොත්තුව පොඩ්ඩක් අවුල් උනා.මගේ බඩ පොඩ්ඩක් අවුල්.එකයි ඔය පොඩි ගඳක් එන්නේ"
"පොඩි ගඳක්?යකෝ මේක පොඩි වෙන්නේ කොහොමද බලපන් තොට රෙවිලද කියල"
කෙමෙන් කෙමෙන් අප ඉදිරියට ඇදුනි.
එක්වරම මාගේ කකුලේ යමක් පැටලී මහා හඬින් යමක් බිදී ගියේය
කෙමෙන් කෙමෙන් අප ඉදිරියට ඇදුනි.
එක්වරම මාගේ කකුලේ යමක් පැටලී මහා හඬින් යමක් බිදී ගියේය
"මොකද්ද වොට්සන් තෝ කරපු අලුගුත්තේරු වැඩේ?මේක වටිනා කෞථුක බාන්ඩයක්.බලහන් මේ කලේ අපරාදෙනේ."
"දෙයියනේ හෝම්ස් අපි දැන් මොකද කරන්නේ.දෙයියනේ ..."
මාගේ නෙතගින් කඳුළු වැටෙන්නට වුනි.
මාගේ නෙතගින් කඳුළු වැටෙන්නට වුනි.
"මේක මේ අවුරුදු 300විතර පරණ වටිනා කෞථුක බාන්ඩයක්.බලන්න මේ අපරාදේ"
"ආ පරණ එකක්ද..මන් මේ හිතුව අලුත් එකක් කියල.එහෙනම් අවුලක් නැනේ"
"අවුලක් නෑ?මෙන්න මෙහෙ වරෙන් යන්න ගස් ගෝනා"
එක්වරම ඉදිරියටගිය හෝම්ස් ඉකිගසන්නට වුනි.
එක්වරම ඉදිරියටගිය හෝම්ස් ඉකිගසන්නට වුනි.
"හෝම්ස් හෝම්ස් මොකද ඔය අඩන්නේ?දෙයියනේ හෝම්ස් අයි?"
"බලන්න වොට්සන් මේ පිළිමේ දිහා..අපේ සියා වගේමයි.මට අපේ සියව මතක් උනා"
"ඔය කොහොමද යකෝ තොපේ සියා වෙන්නේ?ඔය ඉන්නේ පලවෙනි පරාක්‍රමභාහු රජතුමාගේ පිළිමේ."
"එතකොට වොට්සන් ඔය රජවරු ඒ කාලේ රේස් තිබ්බද?"
"ඒ ඇයි?"
"ඇයි පලවෙනි පරාක්‍රමබාහු දෙවන පරාක්‍රමබාහු,පලවෙනි විජයබාහු දෙවැනි විජයබාහු කියල නම් තිබ්බේ රේස්තියල නෙමේද?"
"අනේ මේ ලබ්බක් කතා නොකර වරෙන් යන්න හෝම්ස්.
"වොට්සන් වොට්සන් අර බලන්න නැතිවුණු කඩු ටිකයි හෙළි ටිකයි තිබුණු තැන"
______________ටු බි කන්ටිනියුඩ් _______________________
No comments:
Post a Comment