කල්පනාකාරීව කියවන්න මේක බුද්ධිමතුන්ට
පමණයි!!
දූ දරුවන් හදා ගෙවනා දිවියෙ මැද
වෙසෙනා යුවලකිය ආදරයකින් තද
එදිනත් හවස කට ගැස්මට කඩල බැද
ටී වී බලයි සැමියා හිඳ සාලෙ මැද
උසස් පෙළට සිසුවෙකු හා සම වයසේ
පාඩම් කරයි දියණිය කුටියක නිවසේ
තේපැන් පවා සපයා උනුනට රිසිසේ
ආවා මවද වැඩපල නිමවා දවසේ
පටලා සුරත තම බිරිඳගෙ දෙවුර වට
වමතින් දමා උඩ එන එන කඩල ඇට
මස්තකයකු වගේ අල්ලයි ඇරං කට
නෝනා ඇසී පැනයක් උඩ දමන කොට
කනට වැටුණි රුං ගාගෙන ආ කඩලේ
ගන්ට හදන විට හිරවිය කං පතුළේ
බයට කෑ ගසූ සද්දෙට ගේ ඇතුළේ
පාඩම් කරපු දෙපළත් දැන් මැද සාලේ
යමක් කමක් දන්නා අර පොඩි කොල්ලා
ඔබලා තම ඇඟිලි නාහේ හිල අල්ලා
හුස්මක් අරිනු කී විට කට පුම්බාලා
කඩලේ විසිවුණා හිරවුණු පොහ්! ගාලා
බිය පෙරළුනා මුව විට ඇදි සිනාවට
පියනැගුවෝය දරුවෝ යළි පාඩමට
මව් පියො නැවත හිඳ සාලේ සැටිය පිට
කොළුවගෙ වැඩේ ගැන වැනුවා එතැන් සිට
කොළුූ හරිම සූරයි ඉදිරිය පේනා
අනාගතේ කවුරුන් වෙන්නට ඕනා
ගඳේ ඇඟිල්ලෙන් මට කිය හැක නෝනා
නැතේ දෙකක් මූ දැනටම අපෙ බෑනා......
No comments:
Post a Comment