Sunday, March 1, 2015

පෙට්ටිය

මන් කොන්ඩෙ කපන්න යන ගමන් හිටියෙ යාළුවෙක් අපේ ගෙදරට එන ගමන් පාරෙදි අපි මුණට මුණ හම්බවුනා

ඌ - අපි මේ උඹලගේ ගෙදරට යන ගමන්

මම - වරෙන් වරෙන් ගෙදරට යමු මන් මේ කොන්ඩෙ ටිකක් කපාගන්න යන ගමන්. හායි හේෂි

ඌගේ කෙල්ල - හායි සුපර් මෑන්. (උඹලා අහන්න එපා දැන් ඇයි මට සුපර් මෑන් කියන්නේ කියලා ඒක ලොකු කථාවක්)

ඌ - නැ මචන් දැන් ගෙදරට එන්න වෙලා නැ තව ගොඩක් තැන් වලට යන්නත් තියෙනවා

මම - එහෙනන් මොකටද යකෝ අපෙ ගෙදර යන ගමන් කිව්වේ

ඌ - නැ නැ බන් අපි මේ අපෙ වෙඩින් කාර්ඩ් එක දෙන්න ආවේ

මම - අම්මට හුඩු උඹ මේකිව බඳිනවද

ඌගේ කෙල්ල - අනේ මේ යනවා යන්න

මම - මට මොන කාර්ඩ්ද යකො මන් ඕකට බලෙන් හරි එනවා

ඌගේ කෙල්ල - ඉන්විටේෂන් නැතුව ගේට් එකෙන් ඇතුලට ගන්නැ කොහෙද ඉතින් ඔයාට මීට කලින් කවුරුවත් වෙඩින් එකක් කියලා තියෙන එකක්යැ

මම - අනේ පලයන් එළුච්චි

ඌ - මෙන්න මචො කාර්ඩ් එක අනිවා උඹ එන්නම ඕනේ

මම - එල එකක් රත්තරන් මන් අනිවා එනවා

ඌ - අපි එහෙනන් දැන් යනවා මචන් වැඩ ගොඩක් තියෙනවා.

මම - එල එකක්. කෝල් එකක් දියන් වැඩ මොනාහරි කරන්න තියෙනවනන්. මනමාලිව අන්ඳන්න වගේ දේවල්

ඌගේ කෙල්ල -

ඌ - මන් උඹට කිව්වා කියලා හිතා ගනින්. මෙ මචො අපි යනවා මන් උඹට කෝල් එකක් දෙන්නන් වැඩ ටිකක් තියෙයි උඹට කරන්න පොඩි සප් එකක් දියන්.

මම - අනිවා රත්තරන් කෝල් එකක් දියන් මන් එන්නන්. ජයවේවා.

ඌගේ කෙල්ල - බායි සුපර් මෑන්

මම - බායි ස්විට් හාර්ට්

උන් බයික් එක ස්ටාර්ට් කරන් ටිකක් ඉස්සරහට යද්දිම

මම - මචන් මන් ලොරියකුත් අරන් එන්නන් වෙඩින් එක දවසට

ඌ - ඒ මොකටද?

මම - පෙට්ටිය කැඩුනම ලෑලි ටික දාගෙන යන්න

ඌගේ කෙල්ල - අනේ....

ඌ - උඹ පරක්කුයි බන් මීට අවුරුදු දෙකකට කලින් එන්න තිබ්බේ

ඌගේ කෙල්ල - මෙයා හිතන් ඉන්නේ ඒක වුනේ අවුරුදු දෙකකට කලින් කියලා

මම - ඒ පිට්ටුවා හූ හූ වහ කාපන් යකෝ

No comments:

Post a Comment